IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විධිමත්  කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22)  පැවැති  සාකච්ඡාවේදීය.

වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ  මිල සම්බන්ධව  මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති නිසා ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බව ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ  ප්‍රකාශ කළේය.

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියේය.

අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ  ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැර ගැනීම සඳහා යෙදවුම් මිල අඩුකිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුනතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයින්  සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (0)

සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට සිට අඩු මිලට පොල්
2024 ඔක්තෝබර් මස 22 19 0

ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.


වැරදුණ වෙඩිල්ලෙන් ගොවියාට තුවාල
2024 ඔක්තෝබර් මස 22 158 0

හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද එම ප්‍රදේශයේ පුද්ගල


‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සෑම විටම ශ්‍රී ලංකාවට දෙනවා‘
2024 ඔක්තෝබර් මස 22 228 0

සිය පුරවැසියන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සැමවිටම සහාය ලබාදෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ට


පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය හිතුමතේ පඩි ගෙවලා
2024 ඔක්තෝබර් මස 22 1606 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙ


ගංවතුර විපතට චීනයෙන් අස්වැසිල්ලක්
2024 ඔක්තෝබර් මස 22 540 0

හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.


ඇල්පිටිය ප්‍රා ස මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රැයෙන් අවසන්
2024 ඔක්තෝබර් මස 22 207 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site