IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ස්ථාවර ආණ්ඩුවක් නැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව  ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ ආණ්ඩුවේ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

හරිනි අමරසූරිය මහතා මෙසේද සඳහන් කළාය.

මාස හයකට පෙර ගත් තීරණ  ආණ්ඩුව දැන් වෙනස් කරනවා. යෝජනා  ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි. මේක අටවා ගත්තු  ආණ්ඩුවක් .ආණ්ඩුවේ  අයවැය කතාවට ඉදිරිපත්වී ඇත්තේ  සීතල ප්‍රතිචාර .

ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීමයි.  පසුගිය ආණ්ඩුව සුපුරුදු පරිදි ඉදිරිපත් කළ දේවල් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ.

අධ්‍යාපනය පැත්තෙන් වැඩි අවධානයක් යොමුකරලා තිබෙනවා. විදේශික සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය කිරීමට අවස්ථාව උදා කර තිබෙනවා .ඒකට අපි විරුද්ධ වෙන්නේ නෑ. විදේශීය සිසුන්ට පහසුකම් සැපයීමට පෙර  මෙරට සිසුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි.



අදහස් (14)

ස්ථාවර ආණ්ඩුවක් නැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බෑ

කිරි පුතා Tuesday, 30 August 2022 06:20 PM

හැමදේකම නරක සහ බැරිකමම දොඩව දොඩවා ඉන්නේ නැතිව රට තියෙන තත්ත්වයෙන් අස්වැසිල්ලක් ලබන්න පුළුවන් දෙයක් කිරීමයි වඩා වැදගත්... කප්පරකට වචන නම් තියෙනවා මෙයාලා ගාව...!

:       0       1

saliya Tuesday, 30 August 2022 06:36 PM

තනිව ස්ථාවර ආණ්ඩු හදන්න අමාරුයි. ටික කාලයකටවත් වැඩ කරන්න පුළුවන් අය පක්ෂ භේදයෙන් තොරව එක්වන්න..​.

:       0       0

බද්රානි Tuesday, 30 August 2022 06:46 PM

අර කිව්වා වගේ පිටරට සිසුන්ට ලංකාවට එන්න පිස්සු නැහැ. අපිට මතකයිනේ ඔබතුමිය නියෝජනය කරන පක්ෂයේ අය දොස්තරලා සමග එකතුවෙලා සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය විනාශ කළ අන්දම... රටේ පවතින ඩොලර් හිඟයට ඔබ නියෝජනය කරන දේශපාලන කල්ලියත් වගකිව යුතුයි. අපිට ඒවා අමතක නැහැ. හැබැයි ඉතින් හොරකම, ගැන ඉගෙන ගන්න නම් ඉතින් ලංකාවට ඇවිත් මේ රටේ තත්වය අධ්‍යයනය කළාට කමක් නැහැ. ඒත් ඉතින් ඒ තක්කඩි ක්‍රම ඒ රටවලට ගැලපෙනවාද කියන එකයි ප්‍රශ්නය?

:       0       0

SaD Tuesday, 30 August 2022 06:49 PM

ආචාර්යතුමිය ඔයා කොච්චර අදක්‍ෂ කාථාවක්ද කළේ..? බලන්න ඔන්ලයින් තාක්‍ෂණය පාවිච්චි කරලා අපේ ළමෝ කීදෙනෙක් උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් වුණාද ස්ථාවර පාසල් ක්‍රමය රටේම අඩපණ වෙලා තියෙනකොට..?

:       0       0

mashi Tuesday, 30 August 2022 08:09 PM

මැඩම්, ඔයා කැම්පස් එකේදී වත් ඔයාගේ වැඩ හරියට කලාද නැහැනේ. ජෙප්පන්ට කඩේ ගිහින් මන්ත්‍රී වෙලා දැන් අර ස්ථාවර නෙමෙයි අස්ථාවර කරලා පාර්ලිමේන්තුව ඇරෙස්ට් කරන්න හදනවා. ඔයගොල්ලන්ට ඕන රට හදන්න නෙමෙයි රට තවත් නැති කරන්න. රාජපක්ෂ කාසියේම අනිත් පැත්ත ඔයාලා.

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 30 August 2022 10:05 PM

පසුගිය කාලෙ බොරදියේ මාළු බාන්න බැලුවා. දැන් ගාල කඩාගත්තු හරක් වගේ ඔහෙ ඇනගෙන යනවා. මේ යන විදියට නම් ඊලග පාර්ලිමේන්තුවේදී මුකුත් නැතිවෙයි වගේ. මෙයාත් දැන් වවුලගේ මගුල් ගෙදර ගියා වගෙ සීන් එකක් තියෙනවා.

:       0       0

Sunil Wednesday, 31 August 2022 06:18 AM

තවම හරියට ඇමැති මණ්ඩලයවත් පත්කරගන්න බැහැ. එතැනත් උග්‍ර මතගැටුම්. තානාන්තර බෙදාගන්න බලු පොරයක්... රට ගොඩගන්නවාට වඩා තනතුර ලොකු වෙලා. ජනාධිපති පොහොට්ටුවේ ඉත්තෙක් වෙලා. රාජපක්ෂලාව රකින එක තමයි එයාගේ ප්‍රමුඛ කාර්යය.. ඉතින් ජනතාවට කවර බලාපොරොත්තුද?

:       0       0

Gebrial Wednesday, 31 August 2022 06:58 AM

ඒක ඉස්සෙල්ලාම කියලා දෙන්න ඔයාගේ ලොක්කාට. අනුරට... වාතයක් ගියත් ආණ්ඩුවට විරුද්ධව රෙද්ද උස්සාගෙන එන්න ඉස්සෙල්ලා රට ගැන හිතලා වගකීමක් ගන්න පුරුදු වෙන්න කියන්න... එතකොට රට ගොඩගන්න පුළුවන්... අනුන්ට උපදෙස් දෙන්න කලින් තමුන් හැදිලා ඉන්න.

:       0       0

JOESEPH STALIN Wednesday, 31 August 2022 07:34 AM

මේ නෝනා අමුතු සිස්ටම් එකකට ජවිපය මතවාදය මුදාහරින එන්.ජී.ඕ. කෙනෙක්. ඒ කියන්නේ....

:       2       2

චින්තක Wednesday, 31 August 2022 07:57 AM

මෙරට සිසුන්ට පහසුකම් තිබුණත් වෙලාවකට ස්ටාලින් මහින්ද කල්ලියේ වර්ජන මාස ගණනක් තියෙනවා. සමහර වෙලාවකට අනධ්‍යයන කට්ටිය වර්ජනය කරනවා. ඒවා කරවමින් පහසුකම් නැහැ කියවනවා. මේවා රටට වඩා අනාගත රජකම කරන්න පක්ෂය උඩදාගෙන සිටින පිරිසක් නිසා දරුවන්ට අනාගතය නැතුව යනවා.

:       3       5

fairoos Wednesday, 31 August 2022 12:10 PM

බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?

:       4       3

Santhu Wednesday, 31 August 2022 12:48 PM

කවුරුත් මුදල්වලට කෑදරයි. එය මූලික කරගෙන ඇටනැති දිව දස අතේ..

:       1       2

SUNIL MILANO Wednesday, 31 August 2022 01:27 PM

ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. ජෙප්පන්ගේ කුරුළු උණ මොලගෙඩි කොයිකත් එකයි.... මොවුන් සේරම... NGO අතකොළු.. ගිරිය පුප්පගෙන කෑගහන්නේ මුදලට තියෙන කෑදරකමින්..!

:       0       2

Bamunuarachchi Wednesday, 31 August 2022 04:54 PM

ඔහෙලා ඉන්නකන් ස්ථාවර ආණ්ඩුවක් හදන්න මේ රටේ බැහැ. පළමුව කළ යුත්තේ ඔහෙලාට ටයර්මාල පැළඳවීමයි. ඕක ජෙප්පන්ට පුළුවන්ද ස්ථාවර ආණ්ඩුවක් ඇතිකරන්න? තුණ්ඩු කෑල්ලෙන් ආණ්ඩු කරපු කාලේ ගියා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහනුවරට මහ වැසි
2025 අප්‍රේල් මස 25 165 0

මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 163 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 492 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 20 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 217 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 617 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 771 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site