(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්වීඩනයට ඇඟලුම්, රබර් භාණ්ඩ, තේ සහ පොල් මද නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වීඩනයට කළ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 101කි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල පුළුල් කිරීම තුළින් අපනයන ඉහළ නැංවීමේ මෙරටේ උපායමාර්ගික සැලැස්ම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා අපනයන ප්‍රතිපත්තිය මාකස් පෙටර්සන් මහතා ඉදිරිපත් කළේය.
ඇඟලුම් සහ රෙදිපිළි, රබර්, තේ, පළතුරු, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, සෞඛ්‍යයට නැඹුරු කාබනික සහ ස්වාභාවික නිෂ්පාදන පරිසර හිතකාමී අත්කම් ඇතුළු සැකසූ ආහාර සහ පාන වර්ග සහ අපනයන සේවා වැනි ප්‍රධාන අංශවල ස්වීඩන් වෙළඳපොළට තවදුරටත් විනිවිදයාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව විජේසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
ස්වීඩනයේ හඳුනාගත් නිෂ්පාදන හා සේවා අංශවල ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි කිරීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොන්සල්වරයාගේ සහයෝගය එහිදී විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.
ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ, කුළුබඩු, සැකසූ ආහාර සහ කාබනික නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ අපනයන විභවය පීටර්සන් මහතා පිළිගත් අතර ස්වීඩනයේ සහ පුළුල් නෝර්ඩික් කලාපයේ ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීමට පූර්ණ සහයොග්ය දෙන බවඒ මහතා සඳහන් කළේය.
ඉදිරි වසරවලදී වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාවයකට මග පාදන පරිදි, ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවලදී තහවුරු විය.
ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප
දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන
මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි