IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි

(අංජුල මහික වීරරත්න)

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මාධ්‍ය හමුවකදී පැවසීය.

සැබෑ අපරාධය  තැන්පත් ගිණුම් වල මුදල් ඉවත් කිරීම නොව තැන්පත් ගිණුම් වලට මුදල් රඳවාගෙන සිටීම බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අල්ලස් කොමිසමේදී මා ප්‍රකාශයක් දුන්නා. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප්‍රේල් 10 වැනිදා මා කළ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට කැඳවා තිබුණා. අවුරුදු  සතියේ කොළඹ නොසිටි නිසා එහි පැමිණිය නොහැකි බව  සඳහන් මා මුලින් ඔවුන්ට සඳහන් කළා. මොකද අපි සිංහල අවුරුද්ද ගන්නවනේ. ආණ්ඩුවේ පැත්තෙන් සිංහල අවුරුද්ද තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒත් අපිට තියෙනවනේ. ඒ වගේම මගේ නීතිඥ මහත්තයා රට ගිහින් තිබුණා. ඒ බව කියා තිබියදී මට දෙවැනි ලියුමකුත් ආවා. තමා විදේශගතව සිටින බව කියා මගේ නීතිඥයා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලිපියකුත් එවා තිබුණා.කෙසේ වෙතත් අප්‍රේල් 21 වෙනිදා අල්ලස් කොමිසම නැවත මා වෙත ලිපියක් එවමින් 25 වැනිදා එන්නැයි කියා තිබුණා. 27 වැනිදා වෙන තුරු මගේ නීතිඥයා කොළඹ නැතැයි දන්වා තිබියදීත් මට එන්නැයි කීම ගැන මා පුදුමයට පත්වුණා. 

මා අප්‍රේල් 21 වෙනිදා දක්වා කොළඹ රැඳී නොසිටින බවට දක්වන හේතුව සාධාරණ හේතුවක්ද කියා වැඩිදුර විමර්ශනය කරන බව ද ඔවුන් දක්වා තිබුණා.මේ අනුව මම සැකකාරයෙක් බවත් අපරාධයක් සිදු කරන තිබෙන බවත් ඒ නිසා නීතිඥවරයා මා ළඟ සිටිය යුතු බවත් මා දැනුම් දුන්නා.ඔවුන් පැවසූයේ නීතිඥයා අවශ්‍ය නොවන බවයි.

25 වැනිදාත් මට අල්ලස් කොමිසමෙන් ලිපියක් ලැබී තිබුණා.එම ලිපියේ සඳහන්ව තිබුණේ මා අදාළ සිද්ධියට අනවශ්‍ය ලෙස මැදිහත්වීම යන කාරණයයි.ඒ කතාව අනුවත් අපරාධ පරීක්ෂණයකට මුහුණ දෙන්නට තිබෙන නිසා නීතිඥයෙක් අවශ්‍ය බව මා දැනුම් දුන්නා.

ඒ වගේම මෙම ආයතනයට හැමදාම මිනිස්සු කැඳවනවා.මා එන විට පමණක් මාධ්‍යයට දැනුම් දෙන බවත් මා සඳහන් කළා.එමෙන්ම එහි තිබෙන ලිපිගොනු පිට අයට පෙන්වන එකටත් මා විරුද්ධ වුණා. එම ලිපි ගොනු පෙන්වුයේ කාටදැයි කොමිසම මගෙන් ඇහුවා.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් 11 දා මඩකලපුවේදී කළ කතාව මා ඔවුන්ට ගෙන හැර දැක්වූවා.මා අල්ලස් කොමිසමට යැවූ කරුණු ඔහු එහි ප්‍රකාශ කර තිබුණා.

ඒ කියන්නේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන්  අරගන්නවා කියන එකද?මේ තත්ත්වය යටතේ තමාට සාධාරණයක් ඉටුවේදැයි නොදන්නා නිසා නීතිඥයන් සමඟ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව මා දැනුම් දුන්නා.කොමිසමට දැන්වූ දේවල් ජනාධිපති කතා කරන්නේ කොහොමද?

මේ රටේ පළාත් සභා, මහ ආණ්ඩුවට මුදල් යොදවන්න පුළුවන් වන්නේ විසර්ජන පණතේ නීතිය අනුව බව මා කොමිසම හමුවේ සඳහන් කළා.වියදම් කළ හැකි මෙන්ම ණයට ගන්න  සම්පූර්ණ ප්‍රමාණය එහි තිබෙනවා.එය වියදම් කිරීමේදී වියදම් කළ යුත්තේ මොන අංශ වලටද කියාත් එහි තිබෙනවා.පුනරාවර්තන වියදම් ද ප්‍රාග්ධන වියදම් ද කියා දැක්විය යුතුව තිබෙනවා.

නොයෙක් ව්‍යාපෘති යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, වැඩසටහන් වලට මේ මුදල් යොදවන්න පුළුවන්.තැන්පත් ගිණුමක දාන්න පුළුවන් වන්නේ එකතු වුනොත් විතරයි.පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැතිනම් එය තැන්පත් ගිණුම් වල දාන්න බැහැ.අදාළ අවුරුදු වල මහ ආණ්ඩුවේ නම් තැන්පත්  ගිණුම් වල දාන්න ඉඩ දෙන්නේ නැහැ.මේ මුදල් දෙන්නේ වියදම් කරන්න. එවිට ඒ මුදල් ආර්ථිකයට යනවා.ආර්ථිකය නගින්නේ ඒ මුදල් ආර්ථිකයට ගිය විටයි.මේ මුදල් ඔක්කොම අරගෙන තැන්පත් ගිණුම් වල දැම්මාම වෙන්නේ මොකක්ද?මේ මුදල් දෙන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්න.

එවෙලේම මුදල් ඒ වැඩ කටයුතු වලට යෙදවිය යුතුයි.ජනතාව ගෙවන මුදල් කවුරු හරි අරගෙන තැන්පත් ගිණුම් වල දැමීම  හරිද?

මේ තියෙන මුදල් ඔක්කොම පිට කොටුවට ගිහින් වැඩි පොලියට නුදුන්න එකට මෙහෙම ගියොත් භාණ්ඩාගාරයේ ලේකම්ටත් නඩු දාන්න වන බව මා කිව්වා.ආණ්ඩුව වියදම් කරන්නේ නැතිනම් ආර්ථිකය ගෙනියන්නෙ කොහොමද?මුදල් නැතිනම් ණය ගෙන හෝ පඩි ගෙවන්න වෙනවා.තැන්පත් ගිණුම් වල කාලය අවසන් වනතුරු පඩි ගෙවීමත් කල් දාන්න කියලද කියන්නේ.

මට පේන හැටියට තැන්පත් ගිණුම් වල මුදල් ඉවත් කිරීම අපරාධයක් නෙමෙයි.අපරාධය  තිබෙන්නේ තැන්පත් ගිණුම් වලට මුදල් දාන එකයි.

අපි වියදම් පියවන්න කියා මුදලක් දුන්නොත් එයින් වියදම් ගෙවන්නේ නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් වන්නේ කුමක්ද?

මේ සම්බන්ධයෙන් මා හොඳින් පැහැදිලි කළා.අනෙක ඉතිරි කිරීමේ බැංකුව වාණිජ බැංකුවක් නෙමෙයි.අනෙක් බැංකු දෙක වාණිජ බැංකු.මා ඒ කරුණු සියල්ල ඒ අයට දැනුම් දුන්නා යැයි හිටපු ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 6 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 326 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 248 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 146 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 668 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 164 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1011 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site