සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.
ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.
ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.
අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.
1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත. 1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.
සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැඉිනට් මණ්ඩලය පත් කෙරේ.
(බීබීසී)
මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.
කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්’’ ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් එම රටවල
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වූ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මා
මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි