(ෂේන් සෙනෙවිරත්න)
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර පොලිස් වසමේ ගාල්තැන්න පාරේ දළුක්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇති මෙම අමෙරිකානු ජාතිකයා 2023-12-31 වැනිදා මෙරට වීසා ලබාගෙන පැමිණ ඇති අතර ඔහුගේ වලංගු වීසා කාලය 2024-03-30 වැනි දින කල් ඉකුත් වී ඇති අතර මෙරට රැඳී සිටීමට වීසා යාවත්කාලීන කර නොගෙන ඔහු රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
ඔහුගේ අමෙරිකානු ගමන් බලපත්‍රයේ ආරියරත්න සංජීව සේනක ආරියරත්න වශයෙන් නම සඳහන්ව ඇති අතර 2024-12-21 ගාල්තැන්න පාරේ හෝටලයට පැමිණ ඔහු වැඩි වශයෙන් එහි කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකය භාවිතා කරමින් සිට ඇති බව හෝටල් සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
chandima Monday, 06 January 2025 04:08 AM
අමතක කරන්න එපා. අමෙරිකාවේ කැමති කෙනෙකුට කැමති නමක් වෙනස් කරගන්න පුලුවනි. අවශ්‍ය නම් සිංහල මිනිහෙකුට හෙට ට්‍රම්ප් කියල වුණත් නම වෙනස් කරගන්න පුලුවනි.
Lankabarana Monday, 06 January 2025 06:27 AM
සිංහල නම් හතරක් තිබුණා කියලා සිංහල නමක් වෙන්නේ නැහැනේ... සිංහල ක්‍රමයටත් නම සැකසෙන්නත් ඕනෑ නේද?
ගුණරත්න Monday, 06 January 2025 09:34 PM
ඇමරිකානු ගමන් බලපත්‍රයක් තිබෙන ලාංකික සම්භවයක් ඇති මනුස්සයෙක් නම් සිංහල නමක් තියෙන එක අමුතු දෙයක් නෙවෙයි නේ. එහෙම උදවිය කොපමණ ඉන්නවද?