IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


සිව්වැනි ණය වාරිගය අනුමතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ(28) හිමිවිය.

ඒ සමග මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 334 වහාම නිදහස් කිරීමට විධායක කමිටුව අවසර ලබාදුන්නේය.

ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ යයි.

ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් ශක්තිමත් බවත් සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු දර්ශක ඉලක්ක සියල්ල ශ්‍රී ලංකා සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එසේම පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. ශ්‍රී ලංකාව මෑතකදී සාර්ථකව අවසන් කළ බැඳුම්කර හුවමාරුව ණය තිරසරභාවය නැවත ඇති කිරිමේ දිශාවට තැබූ ප්‍රධාන සන්ධිස්ථානයක් බවද එම අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරමින් තිබෙන බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමන ඉන් වේගවත් වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. කෙසේ වෙතත් තවත් මෙරට ආර්ථිකය අවදානම් තත්වයේ පසුවන බවත් ණය තිරසරභාවය ඇති කිරීමටත්, ආර්ථිකය කල්පවතින යථා තත්වයකට පත් කිරීමේ මාර්ගයකට යොමු කිරීම සඳහාත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ මාස 48 විස්තීරණ ණය අරමුදල් පහසුකම් 2023 වසරේ මාර්තු 20 වැනිදා ලබාදුන්නේය.

 



අදහස් (2)

සිව්වැනි ණය වාරිගය අනුමතයි

Jothi Saturday, 01 March 2025 02:36 PM

IMF එකත් එක්ක පෝර්ට් බඩුව බෙදිල්ලක්. ආයෙ ලොවෙත් නැහැ.

:       0       0

ගුණරත්න Saturday, 01 March 2025 06:34 PM

අයියෝ ඔය සල්ලි ඕනෑ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී
2025 මාර්තු මස 01 1261 1

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


හිටපු පොලිස්පති හැංගිලා
2025 මාර්තු මස 01 1552 2

හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.


ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක්
2025 මාර්තු මස 01 2201 2

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යා


නායයෑම හේතුවෙන් බදුල්ල - මහනුවර බඩු දුම්රිය අවලංගුයි
2025 මාර්තු මස 01 308 0

උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු


සංජීව ඝාතනයට තවත් දෙකක් සැකපිට
2025 මාර්තු මස 01 918 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරී


වැරදි ආහාර පුරුදුවලින් ලෙඩ වෙන ගාන කියයි
2025 මාර්තු මස 01 838 1

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 69 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 365 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 489 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site