IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළේ පවත්වාගෙන යාමටත් ජීවනී නිeෂ්පාදන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ  නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.

මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කළේය.

මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය විය. වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර වර්තමානය වන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළි විය.

මෙම තත්ත්වය පිළිබඳ රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබීය.



අදහස් (0)

සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයියාගේ ඇඟට යටවී නංගී මරුට
2025 පෙබරවාරි මස 01 373 0

නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.


බස් වෑන් ගැටී දෙකක් මරුට
2025 පෙබරවාරි මස 01 584 0

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ ගල් වංගුව හන්දිය අසලදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි කාන්තාවක්


සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
2025 පෙබරවාරි මස 01 707 0

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අං


අයිස් සමග අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 01 303 0

කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190 ක්සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පො


කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි
2025 පෙබරවාරි මස 01 1067 0

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත


තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
2025 පෙබරවාරි මස 01 2990 4

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 701 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 721 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site