(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රදේශයට අද පස්වරු පහයි තිහට පමණ හමාගිය සැඩ සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මීරිගම පස්යාල මාර්ගය ඩී එස් හන්දියෙන් ද මීරිගම වේවැල්දෙණිය මාර්ගය අනුබද්ධ විද්‍යාලය අසලින් හා අමරතුංග මාවත ද සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනට අවහිර විය.
පස්යාල මීරිගම ප්‍රධාන මාර්ගයේ ඩී එස් සේනානායක ජාතික පාසල අසල මාර්ගය අයිනේ තිබූ සුවිශාල මාර ගස මාර්ගය හරහා කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් නගරය හරහා ගමන් ගන්නා වාහන ද විශේෂයෙන් අධිවේගී මාර්ගය දිගේ පැමිණ කොළඹ දෙසට ගමන් ගන්නා සියලු වාහන ද ගමනාගමනය අවහිර වී පැවතීනි.
වේවැල්දෙනිය මාර්ගයේ අනුබද්ධ විද්‍යාලය අසල කොස් ගසක් කඩාවැටීමෙන් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර අමරතුංග මාවතේ ලංකා බැංකුව ආසන්නයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයද අවහිර වීම හේතුවෙන් වේවැල්දෙණිය මාර්ගයට ප්‍රවිෂ්ට වීමේ සියලු පහසුකම් අහිමි වී තිබිණි .
ඩී එස් හන්දිය අසල දැවැන්ත මාර ගස කඩා වැටීම නිසා ප්‍රදේශයේ විදුලිය සැපයුමට ද දැඩි ලෙස බාධා පැමිණ තිබිණි . පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අවහිරතා ඉවත් කිරීමට යුහුසුලු ව පියවර ගනිමින් තිබිණි.
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක
ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුළං නිසා මීරිගම මාර්ග රැසක වැහෙයි