IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?

(සුජිත් හේවාජුලිගේ සහ  ගයාන් සූරියාරච්චි)

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව  නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන නීතිඥවරියක ලෙස වෙස් ගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවූ  පසුගිය පෙබරවාරි මස 19 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර  ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය  මාස දෙකකට වැඩිය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය  මාසෙකුත් දින 14කි.

ඉෂාරා සෙව්වන්දි නමැත්තිය  හොර රහසේ  විදේශගත  වන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද (21)  පැවසීය.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  බුද්ධික මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය  අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයද හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දිගින් දිගටම පරීක්ෂණ පවත්වන  බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ  ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න  රණවීර  මහතා අත්අඩංගුවට ගැනීමට  නියෝගයක් නිකුත් කළාය.

එම ඉඩම් සිද්ධියට අදාළව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාද  මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මැයි මස 5  වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණියේ නිවසට ඉකුත් මාර්තු මස  6 වැනිදා  ගිය අවස්ථාවේදී ඔහු නිවසින් පලා ගොස්  සිටියේය.

මේ අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවසේ සිට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී රණවීර මහතාගේ බිරිඳගෙන් සහ රියදුරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මේ අතර මෙම ඉඩම් සිද්ධිය  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ව්‍යාපාරිකයකු සහ නීතිඥවරයෙකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.



අදහස් (0)

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1068 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 435 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 136 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 405 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 721 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 270 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site