IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට

‍( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී  ඇතුළු වී  එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු , සොරාගත් විදේශීය මුදල් තොගයක් ද  සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. තිබිරිගස්යාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයෙහි කාමරයක දොරක් කඩා ඇතුළු වී එහි තිබූ කැනේඩියානු ඩොලර් 100 , ඇමරිකානු ඩොලර් 370 , හා  දේශීය මුදල් රුපියල් 80 ,000 මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට ඉකුත් දා පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව කොළඹ  දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී කැනේඩියානු ඩොලර් 100 සහ ඇමරිකානු ඩොලර් 220 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු කැසීනෝ සූදුවට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ සදහා සොරාගත් මුදල් වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.



අදහස් (0)

සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාවේ ස්වාධීනත්වයට චීනය කැපවෙනවා
2025 ජනවාරි මස 16 192 1

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා


කළුබෝවිල වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 16 492 0

කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .


ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 887 3

ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බ


යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු
2025 ජනවාරි මස 16 129 0

බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුව


සෞඛ්‍යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි
2025 ජනවාරි මස 16 508 0

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්


’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’
2025 ජනවාරි මස 16 1155 3

සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 285 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 568 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site