(අංජුල මහික වීරරත්න)
රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්ට ආශිර්වාද කිරීම සඳහා රෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය අද (23) එහි වැඩම කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෝභිත හිමියෝ මෙසේද කීහ.
"අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි.ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්.අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා.
රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි.අප බලාපොරොත්තු වන "සිස්ටම් චේන්ජ්" එක මෙයයි.
තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.
මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි.මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි.පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්. ජනපති දෙන මේ ආදර්ශය මැති ඇමතිවරුන් මෙන්ම ඇති හැකි සියලු දෙනා විසින් ලබාගත යුතුයි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය
මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බව
ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම
ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර
අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති