IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


හාල් -පරිප්පු -රට ඉඳි වේයන්ගොඩ ගබඩාවක දිරාලා

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි )

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ  මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ  දිරාපත් වෙමින් පවතින බව එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය විය.

මෙම සිද්ධිය පිළිබඳව හෙළි වීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මවුලර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය.

 වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවු මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ

.‍023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍ය වලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හිදී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර  ද්‍රව්‍ය බෙදා හැරීම වැළකී ඇති බවද මෙහිදී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ.  මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556 ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගනු ලැබීය.

ෙමෙම ආහාර තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමටද නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම පියවර ගත්හ.

 



අදහස් (6)

හාල් -පරිප්පු -රට ඉඳි වේයන්ගොඩ ගබඩාවක දිරාලා

ravin Sunday, 02 February 2025 10:44 AM

මෙවැනි විනාශයන්ට වගකිව යුත්තේ දේශපාලු හෙංචයියලාද? නැතිනම් දේශපාලුවන්ගේ අතකොලු වී සිටින නිලධාරීන් යයි කියාගන්නා කොටසද?

:       0       0

fairoos Sunday, 02 February 2025 10:54 AM

මොනතරම් අපරාධයක්ද ඉතින්... රට බංකොලොත් වෙන එක කියන්න ඕනෑයැ...

:       0       1

Aruna Sunday, 02 February 2025 11:16 AM

මේ සඳහා වගකිව යුතු නිලධාරීන් කව්රුන්ද? මෙතරම් අය බඩගින්නේ ඉන්න රටක මෙවැනි නිලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද?

:       0       0

ජයනාත් Sunday, 02 February 2025 12:05 PM

මේවා බාරව හිටි අයට හෙන ගහන්න ඕනෑ නේද?

:       0       0

පුරවැසියා Sunday, 02 February 2025 12:06 PM

දැන් එතකොට එච්චරයිද මේ අපරාධයට වගකිවයුතු කෙනෙක් නැතිද? එයාට දඬුවමක් නැතිද? නැතිනම් ඉස්සරහටත් මේ විදිහට කරගෙන යනවාද?

:       0       0

Kamal Koyrala Sunday, 02 February 2025 12:22 PM

මේ වටිනාකම මෙකී නිලධාරින්ගෙන් ලබාගත යුතුයි. පාසල් නිවාඩු ලැබුණත් එක් දිනක් සඳහා ළමුන් ගෙන්වාගත හැකියාව තිබුණත් එහෙමත් නැතිනම් ලොකුපුටු අරක්ගත් අයට විකල්ප ක්‍රමවේදයක් යෙදීම හෝ ඉඳලා හිටලා උපදෙස් පතන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කොල්ලුපිටියේදී විදෙස් කතක් හදිසියේ මරුට: තවත් යුවළක් රෝහලේ
2025 පෙබරවාරි මස 02 148 0

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි විදේශ ජාතික කාන්තාවක සහ යුවළක් හදිසියේ ඇතිවූ වමනය තත්ත්වයක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළ


නව වාහන පිළිගන්න හම්බන්තොට සූදානම
2025 පෙබරවාරි මස 02 214 0

මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්ත


තාක්ෂණික නිලධාරියා දුරකතන කුලුනෙන් වැටී මරුට
2025 පෙබරවාරි මස 02 425 0

වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අ‍ැදවැටී මියගොස් අ‍ැතැයි වවුනියාව පොලිසිය


හාල් -පරිප්පු -රට ඉඳි වේයන්ගොඩ ගබඩාවක දිරාලා
2025 පෙබරවාරි මස 02 749 6

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ


පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 02 853 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා


නිතී විරෝධි දුම්වැටි සමඟ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 02 164 0

රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 715 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 723 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site