(රෝෂන් තුෂාර)
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් අද (20) පැවසීය.
වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ බවත්, එම විමර්ශනයේ ලේඛන කීපයක් සම්බන්ධයෙන් ස්ථාවරය දැන ගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත්,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ සේනාරත්න මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, නානායක්කාර මහතා එම සිද්ධියට අදාළව මෙතෙක් සැකකරුවකු ලෙස නම් කට නොමැති බවත් දන්වා සිටියේය.
අත් අඩංගුවට පත්වුවහොත් පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අප අයදුම්පත කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.
වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ල විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති.
කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාර
මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ.
බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුලු ඔවුන් මුහුන දෙන ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා බස් මගී සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල
දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පො
දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පො
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හිටපු ඇමති මනූෂ ප්‍රකාශයක් දී නැහැ-සී.අයි.ඩිය කියයි