IMG-LOGO

2024 ජුනි මස 29 වන සෙනසුරාදා


හිටපු ජනපති අපේක්ෂකයකුගේ කෝටි 25ක ඩොලර් වේයො කාලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත ප්‍රධානියකු මැදිහත් වීමෙන් ඔහුට මෑතකදී නිකුත්කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමේ අරමුණින් එම ප්‍රධානියා හිටපු අපේක්ෂකයාට මෙසේ උදව් කර ඇති බව දැනගන්නට ඇත.

හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මෙම ඩොලර් අධිකරණ ක්‍රියාදාමයකින් පසු නැවත ඔහුට හිමිව තිබිණැයි කියති. ඒ අනුව එම ඩොලර් ලබා ගැනීමට පසුගිය දිනෙක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී වේයන් කා විනාශ වී ඇති බව දැකගන්නට ලැබී ඇත.

අපේක්ෂකයා එම ඩොලර් අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට ඒ ප්‍රධානියාගෙන් සහාය ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුව බව පැවසේ.

හිටපු ජනපති අපේක්ෂකයාගේ මෙම ඩොලර් සිද්ධිය දේශපාලන පිටියේ බොහෝ ස්ථානවලද පසුගිය දිනවල කණින් කොනින් ඇසුණු බව වාර්තාවේ.

 



අදහස් (26)

හිටපු ජනපති අපේක්ෂකයකුගේ කෝටි 25ක ඩොලර් වේයො කාලා

ජයනාත් Monday, 24 June 2024 07:11 AM

ඔය එන්නේ ... ආණ්ඩුව පැත්තෙන් වේලාව දීලා තම පක්ෂයේ නායකයයට ප්‍රහාර එල්ල කලේ ඇයි... දූෂිත දේශපාලකයන් එළවා දමමු කියලා තමන්ටම කියා ගන්නවා.

:       2       35

siri Monday, 24 June 2024 07:31 AM

මේ මිනිස්සු බලේට ඉන්නේ රට හදන්නද? ලැජ්ජයි ඡන්ද ව්‍යාපාරයත් ජාවාරමත් කරගන්න. දිනුවත් පැරදුණත් මේ මිනිස්සු ගොඩ

:       1       39

nanda Monday, 24 June 2024 07:32 AM

මේ වගේ වංචනිකයෝ ගැන තොරතුරු හෙඵිකිරිම ජන මාධ්‍ය වගකීමක් රටේ ජනතාව මුලාකරන මිනිස්සු ගැන

:       1       31

හේරත් Monday, 24 June 2024 07:46 AM

සල්ලි නෑ කියලා පසුගිය දවස්වල හිඟා කෑවා නේද මිනිස්සුන්ගෙන්......

:       1       52

Krishna Monday, 24 June 2024 07:56 AM

නමක් ගමක් නෑ...එකා මොකාද කියලා පාඨකයා හිතා ගන්න ඕනේ...කොන්ද පණ නැති ලංකාදිපය ...

:       3       168

ඉන්දිකMonday, 24 June 2024 12:31 PM

සරත් ෆොන්සේකා... !

:       7       47

ලලිත් පුෂ්පකුමාර Monday, 24 June 2024 08:16 AM

රනිල්ගෙද

:       17       36

රංජිත් Monday, 24 June 2024 08:25 AM

ඇයි අධිකරණ ක්‍රියාදාමයකුත් තිබුණා නම් මිනිස්සු අන්දන මේ අධමයින්ගේ නම කියන්න බැරි....

:       2       84

Nimal Monday, 24 June 2024 08:29 AM

ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලබෙන්වූ මුදල් පිලිබදව විනිවිද භාවයක් තිබිය යුතුවේ. සියලු පරිත්‍යාග සදහා බදු අයවිය යුතුවේ. ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයාට ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් ලැබුණු බවක් හෝ සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබෙනා වූ බවක් කිසිවකු නොදැන රහසක්ව පැවතීමට තිබු අවස්ථව වෙයන් විසින් වළකා ඇත. වෙයන්ට කළහැකි වගකීම ඔවුන් ඉටුකර ඇත

:       2       81

බද්රානිMonday, 24 June 2024 02:59 PM

ඔය මුදල අධිකරණය භාරයේ තිබුණ නඩු භාණ්ඩයක් බොල...පණ්ඩිතකමට නොදන්නා දේවල් කතා නොකර හිටපන්....උඹල වගේ පල් මෝඩයෝ නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ...

:       17       9

පුෂ්පා Monday, 24 June 2024 08:36 AM

අමුතු රහස්‍ය භාවයක් ලංකාවේ තියෙන්නේ. අවාසනාවන්ත ලෙස අනතුරු වුණ, මියගිය මිනිස්සුන්ගේ නම්,ගම්, රෑප එක්ක දානවා. ඔවුන්ගේ ළඟම අයට වසර ගණනාවක් වේදනා ගෙන දෙන්න. ප්‍රසිද්ධ බලවත් අයගේ විස්තර දානවිට පුද්ගලිකත්වය ඉහළින් බලනවා. මම ඉන්න රටේ මේක අනිත් පැත්ත.

:       1       96

මැක්ස් Monday, 24 June 2024 08:40 AM

මෙම පුද්ගලයා කුකුල් කෙන්තිකාරයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන අතර ජවිපයේ ලනු කා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වී පැරදී මේ වනවිට සජබයේ සිට රනිල් මහතා ලඟට කරණමක් ගැසීමට සැරසෙන පුද්ගලයකු බවට හැගෙන්නේ මට විතර ද!

:       23       97

, අරවින්ද මොනරවිල Monday, 24 June 2024 10:41 AM

සරත් ෆොන්සේකා නොවෙයි ගෝඨාභය ජනාධිපති මන්දිරයෙන් පැනලා යනකොට දාලා ගිය සල්ලී ගැනයි මේ කියන්නේ!

:       36       12

බද්රානි Monday, 24 June 2024 01:53 PM

අරවින්ද මොනරවිල මහත්තයෝ, ඒ හොරාකාලා අමතක වෙලාගිය මුදල් ගැන කතා කළොත්, මළපහ වෙන නිසා ඒවා ගැන කතා නොකරන එකම හොඳයි. අනික ඉතින් ඒ හොරාකාපු මුදල් කාවෝ කන්නෙත් නැහැනේ.. ඒ තරමටම ඒ මුදල් දුර්ගන්ධයි.

:       11       19

ගමේ එකාලා Monday, 24 June 2024 09:37 AM

මෙච්චර දෙයක් කරපු ඔය කියන ජනාධිපති අපේක්ෂකයාගේ නම දාන්ඩ බැරි මොකද?

:       0       24

පැරකුම් Monday, 24 June 2024 09:39 AM

එදා නාගානන්දට ඩොලර් දීපු මේ රටේ ඉන්න අය තවම දුක්වෙනවා...

:       2       25

Chandana Monday, 24 June 2024 09:54 AM

අපේ සරත් මහත්තයා නේද දෙයියනේ මේ...?

:       3       22

fairoos Monday, 24 June 2024 12:32 PM

ASP ගේ වෙන්න ඇති... !

:       7       8

Warnasinghe Monday, 24 June 2024 01:22 PM

දේශපාලකයෝ විතරක් නෙවෙයි බඩගෝස්තරවාදී ජනමාධ්‍යත් ජනතාව රවටනවා. විශේෂයෙන්ම සතිඅන්තයේ.පුවත්පත්.

:       1       28

Polla Monday, 24 June 2024 01:43 PM

ඒ කියන්නේ අපෙන් බදුගහලා තරකර ගත්තු මහ බැංකුවේ සේප්පුවෙන් විනාශ වෙච්චි කෝටි 2 හමාර මේකට ගෙව්වා එහෙනම්...

:       0       17

beau Monday, 24 June 2024 02:18 PM

හොර වැඩක්...! 

:       0       23

Lalith Monday, 24 June 2024 04:04 PM

ඒ වේයො කාපුවට ගෙවන්නෙත් මහා බාන්ඩාගාරේ තියෙන සල්ලි වලින්ම නේද? ඵ් කියන්නෙ මහජන මුදල්. අයි එම් එප් එකෙන් නයට ගත්තු මුදල්. මහ බැන්කු වන්චාව අංක දෙක.ඒ මදිවට සාධාරනේ කථා කරන යුක්තිගරැක නායකයා පිල් මාරු කරන්න යන්නෙත් මේ සල්ලිවලටයි මාෂල් තනතුරටයි.බලාපුවාම එයත් ඉඩි අමීන් වගේ තරු පටි වලට කෑදර කෙනෙක්. කියන කථා වැඩවලින් නැති හැඩයි

:       0       0

අනුර Monday, 24 June 2024 06:15 PM

විදේශ මිනිමය හිඟ කාලේ අපේ මහබැංකු අධිපතිවරයා කිව්වා නේද එහෙම විදේශ මුදල් ළඟ තබා ගත්තොත් අත්අඩංගුවට ගන්නවයි කියලා. තවත් ලැජ්ජා නැතුව ඒකට හරියන්න අලුත් ඩොලර් දෙනවා නම් මොකක්ද මෙයාගේ තනතුරේ වටිනාකම...?

:       0       0

kolla Monday, 24 June 2024 07:32 PM

එක දෙක කරන කමයක්

:       0       0

අනේ අපේ සල්ලි Monday, 24 June 2024 09:01 PM

අපි මෙහේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලිවලට යන කල ඇහුවම පුදුම දුකක් හිතෙනව. මේ දවස්වල තව එක්කෙනක් ඒ වගේම සල්ලි එකතු කරනව. ඒවටත් යන්නෙ ඔය කල තමයි.

:       0       0

නුවන් Monday, 24 June 2024 09:42 PM

නාගානන්ද කොඩිතුවක්කු. කට්ටියට සැපද ? ඉතාලී ඉන්න ගොඩක් දෙනෙක් අහු උනා නාගයාට

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට
2024 ජුනි මස 29 5 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.


ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා
2024 ජුනි මස 29 108 0

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින්


‘‘මං යන්නෙ නෑ‘‘
2024 ජුනි මස 29 197 0

තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨ


ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි
2024 ජුනි මස 29 594 0

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි.


ඉරාන ජනපතිවරණයෙන් කාටවත් බහුතරය නෑ
2024 ජුනි මස 29 595 0

ඉරාන ජනාධිපතිවරණය පැවැත්විණි. අපේක්ෂකයන් සිවු දෙනකු ඊට සහභාගී වූ අතර, ඔවුන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.


විපක්ෂයේ හතරක් ආණ්ඩුවට?
2024 ජුනි මස 29 1840 6

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 409 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1515 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site