(අංජුල මහික වීරරත්න)
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.
"අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා. එහෙම හොඳ නැද්ද?
17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?