(සුජිත් හේවාජුලිගේ )
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය.
අරගල අවස්ථාවේදී දේපල හානි වූ හිටපු මැති ඇමතිවරුන් 76 දෙනෙකුට නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණේ විසි හය දෙනකු පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අනුව ගිවිසුම් අත්සන් කර නොතිබූ ඉතිරි පනස් දෙනාට නිවාස ලබාදීම මෙසේ අත්හිටවූ බවද ඔහු සඳහන් කළේය.
එසේම කුණු කොල්ලෙට නිවාස ලබාගත් හිටපු නැති ඇමතිවරුන් 26 දෙනාගෙන් රජයට පාඩුව මුදල අය කර ගැනීමට හැකිදැයි කරුණු සොයා බලාගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙලෙස අඩුවට නිවාස ලබා ගැනීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 22 කට අධික බව නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසුවේ හිටපු මැති ඇමැතිවරුන් වෙනුවෙන් වියත් පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති හෙයින් එම කැබිනට් අනුමැතිය පිළිබඳව කිසියම් අධ්‍යයනයක් කරගෙන යන බවයි.
ඇතැම් මැති ඇමතිවරුන් දේපළ හානි වන්දි මුදල සහ වියත්පුර නිවාස යන දෙකම ලබාගෙන තිබූ බව ඔහු සඳහන් කළේය.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අති
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
අමුඩයා Tuesday, 11 March 2025 11:28 AM
මොනවාද ඕචචර කියවන්නේ වැඩේ කරනවා මිසක්. කෝ හැමෝම කියවන එකමනේ වැඩේ . මෙතෙක් කල් කරපු මොනවා මගුලක් වත් නැහැ.තම තමන්ගෙ වියදම් කෑල්ල අඩුකර ගත්තට මදියි. ඇත්තටම මේ වන විට අඩුම ගානේ ඇමතිවරැ දහ පහලොක් දෙනෙක් වත් හිරේ යන්න ඕන. මැතිවරණයට කලින් කිව්ව විදියට නම්.