IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)


ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා  එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග පැමිණෙමින් තිබූ ගුවන් යානා 120 ක් පමණ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමටත්, අනෙකුත් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සහ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් පිටවීමට නියමිතව තිබූ ගුවන් යානා සියල්ලද අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදුලි උප පොළේ ඇතිවූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපොළ විදුලිය වරින්වර විසන්ධි වීම එළෙස ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

හීත්‍රෝ ගුවන් තොටුපොළ ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වන අහ්ටර සෑම තත්පර 45 කට වරක් ගුවන් යානයක් එම ගුවන් තොටුපොළට පැමිණීම හෝ පිටවීම සිදු කරයි. දිනකට ලක්ෂ 2 ක පමණ ජනතාවක් හීත්‍රෝ ගුවන් තොටුපොළ භාවිත කරයි. තවමත් විදුලිය ස්ථාවර ලැබෙන කාලයක් පැවැසීය නොහැකි බවත් ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් කිසිම මගියෙකු ගුවන් තොටුපොළට පැමිණීමෙන් වැළකිය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (3)

හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි

ජිල්බු Friday, 21 March 2025 02:46 PM

වඳුරෙක්වත්ද? විදුලි උප පොලක් කිව්වානේ...

:       0       33

ශාන් Friday, 21 March 2025 03:01 PM

වඳුරා ලන්ඩන් ගිහින් වගේ. පුදුමයි මේ වගේ ප්‍රධාන තැනක උපස්ථ පද්ධතීන් නැති එක.

:       1       22

Priyath Liyanage Friday, 21 March 2025 04:20 PM

උපස්ථ පද්ධති නැතුවා නොවේ. සිවිල් ගුවන් සේවා ප්‍රඥ්ඥප්තීන් වලට අනුව ඒවා අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. නමුත් ඕනෑම වෙලාවක පද්ධතීන් අකර්මණ්‍ය විය හැකියි. තවද පෙනෙන හැටියට ඉම්බැලන්ස් එකක් වගේ. (ඒ ගැන තොරතුරු සොයා බලන්න තමයි ඉන්නේ. එය බොහෝ වැදගත්). ප්‍රධාන පද්ධතියට අන් ජනනීය පද්ධතියන් එක් කිරීමේදී ඉතාමත් සැළකිය යුතුයි. එමෙන්ම එසේ සම්බන්ධ කර ඇති පද්ධතියක් අකර්මණ්‍ය වූ විට සංඛ්‍යාත පරාසය අනුමත පරාසයට වඩා වැඩි වූවොත් හෝ අඩු වූවොත් මධ්‍යම පාලනයෙන් ගිලිහිලා සැපයුම අඩාළ වෙනවා. එකම දේ ඒ පාලන පරාසය කෙසේ හෝ පාලනය කර ගත යුතුයි. ලංකාවේ වුනේත් ඒ ටිකමයි. නමුත් වඩා නවීන තාක්ෂණික උපකරණ තිබිලත් එංගලන්තේ වගේ රටකත් එය කන්ට්‍රෝල් කරන්න බැරි වීමයි පුදුමේ. එනිසා තමයි පුනර්ජනනීය බලශක්තීන් ප්‍රධාන සැපයුමට එක් කරන විට හරිම පින්පොයින්ට් ක්‍රියා මාර්ග ගත යුත්තේ...

:       18       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 252 0

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 194 0

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්
2025 මාර්තු මස 28 327 0

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 355 1

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
2025 මාර්තු මස 28 662 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී
2025 මාර්තු මස 28 423 0

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 510 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 700 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1396 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site