ලංකාවේ කිරිපිටිවල අඩංගු ඩී සී ඩී විස රසායන පරික්ෂාව සඳහා අවශ්‍ය සියලු රසායානාගාර පහසුකම් ශ්‍රී ලංකා තාක්ෂණික කාර්මික ආයතනයේ (අයි ටී අයි) ඇතැයි එම ආයතනය කියයි.
1- ෆොන්ටෙරා සමාගමේ ප්‍රකාශය අයි ටී අයි ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරයි.
2- 2012 වසරේ සැප්තැම්බර් නොවැම්බර් කාලයේ නිෂ්පාදිත කාණ්ඩ වලට අදාල තවමත් වැඩි වශයෙන් දේශීය වෙළෙඳපොළේ පවතින ෆොන්ටෙරා නිෂ්පාදන ඩී.සී.ඩී ආයතනය බව එම ආයතනය යළි කියයි.
එම සමාගම මෙසේද කියයි.
ෆොන්ටෙරා ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය කිහිපයක වාර්තා කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති පරීකෂණාගාර වල ඩී සි ඩී පරීකෂාව කිරීමට තරම් තාකෂණික පහසුකම් නොමැති බවයි. තවද කාර්මික තාකෂණික ආයතනය (අයි ටී අයි) මේ සම්බන්ධව කළ පරීකෂණයේ වාර්තා සාවද්‍ය බවයි. මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අයි ටී අයි ආයතනය සඳහන් කරන්නේ ඩී සී ඩි පරීක‍්ෂාවට පමණක් නොව ඩී සී ඩී අමුද්‍රව්‍යක්ව භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන මෙලමයින් පරීකෂාවට ද තම ආයතනය සතුව පරීකෂණාගාර තත්ත්වල රසායනික විශ්ලේෂණ උපකරණ සහ ඒ සඳහා දැනුම ඇති විශේෂඥයින් ද පවතින බවයි.
කිරිපිටි වල ඩී සී ඩී අන්තර්ගත බවට තොරතුරු ව්‍යාප්ත වීමත් සමඟ එම තත්ත්වය හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මත ක්‍රමවේද දෙකෙන් එක් පිළිගත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ආයතනය පියවර ගෙන තිබේග ලොව පිළිගත් ක්‍රමවේද අනුව ලෝකයේ පවතින ඕනෑම විද්‍යාගාරයකට මෙය යොදා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ එම පරීකෂණය සිදු කිරීමට හයි පර්ෆොමන්ස් ලික්විඩ් ක්‍රොමොටොග්‍රැෆි රසායනික විශ්ලේෂණ ක්‍රමවේදය භාවිත කර ඇත. අන්තර් ජාතික ප්‍රතීතනය ලත් විද්‍යාගාර පවතින අයි ටී අයි ආයතනය එහි සිදු කෙරෙන සෑම පරීකෂණයකම හා එම වාර්තාවන්හි ගුණාත්මකභාවය සහ නිවැරදිතාව සම්බන්ධයෙන් ද පෙනී සිටී.
මේ වන විටත් අඛණ්ඩව ආනයනික කිරිපිටි වල ඩී සී ඩී පරීකෂණ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා තම ආයතනයට සියලු පහසුකම් හා හැකියාව පවතින බවත් අයි ටී අයි කළමණාකාරීත්වය පෙන්වා දෙයි.
එහෙයින් ෆොන්ටෙරා සමාගමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ශේප කරන අයි ටී අයි ආයතනය සඳහන් කරන්නේ තමන් මෙම පරීකෂණයට භාජනය කළ 2012 වසරේ සැප්තැම්බර් නොවැම්බර් කාලයේ නිෂ්පාදනය කළ තවමත් වැඩි වශයෙන් දේශීය වෙළෙඳපොළේ පවතින ෆොන්ටෙරා නිෂ්පාදන වල අයි ටී අයි අන්තර්ගත බවයි.
තායිලන්තයේ සිංගප්පූරරුවේ හෝ වෙනයම් රටක මෙම පරීකෂණ සිදුකලේ නම් එම පරීකෂණ වාර්තා සහ ඒ සඳහා භාවිත කළ සාම්පල මෙන්ම පරීකෂණය සඳහා යොදාගත් ක්‍රමවේදයද තම ආයතනය වෙත ලැබීමට සලස්වන ලෙස අයි ටී අයි ආයතනය ෆොන්ටෙරා සමාගමෙන් ඉල්ලීමක් ද කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන්නේ පටලැවිල්ලක්. ෆොන්ටෙරා ආයතනය තමන්ගේ නිශ්පාදන කීපයක අපවිත්‍ර සංඝටකයක් අඩංගු බව දැනුම් දීලා තියනවා. මේ සංඝටකය මුල ඉඳලම අපවිත්‍ර බවක් නෙමෙයි කියන්නේ. එක නිශ්පාදන කාණ්ඩයකදී පමණක් එය වැරදීමකින් අපවිත්‍ර වීමක් සිද්ධවෙලා තියනවා කියලා.ඩීසීඩී කියන රසායනය ඉතා සුළුවශයෙන් මේ නිශ්පාදන වල අඩංගු බව ෆොන්ටෙරා ආයතනය සහ නවසීලන්ත රජය කලකට පෙර පිළිගත්තා. නමුත් ඒ ප්‍රමාණය කිසිසේත්ම මිනිස් සිරුරට විෂ සහිත නොමැති බව පෙන්වා දුන්නා. ෆොන්ටෙරා කියන්නේ ලෝකයේ ලොකුම කිරි නිශ්පාදන අපනයනය කරන ආයතනය. ඔවුන්ගේ නිශ්පාදන ලෝකයේ බොහෝ දියුණු රටවලට යැවෙනවා. ඕස්ට්‍රේලියාව වගේ ආහාර පාන වල තත්වය ගැන ඉතා සැළිකිමත් වෙන රටවලට යැවෙනවා. මේ කිසිම රටක් ඩීසීඩී ගැන ප්‍රශ්න නගා නැහැ. ප්‍රශ්නය ඇති වුනේ, එක් නිශ්පාදන කාණ්ඩයකදී යම් අපද්‍රව්‍යයක් යම් යම් නිශ්පාදන වලට එකතු වීමයි. එයත් සාමාන්‍ය ක්‍රියාවලිය නෙමෙයි. වැරදීමකින් එකතු වූවක්. මෙහි අදහස් කරන ඔබට අන්තර්ජාල පහසුකම් තියන නිසා, මේවා ගැන සොයා බලන්න. ඇත්ත දැනගන්න. ස්වභාවික කෑම කන එක හොඳයි.ඒත් අනේ මඤ්ඤොක්කා එහෙම ස්වාභාවිකයි කියලා වැඩිය කන්න එපා. ඒකෙ තියනවා සයනයිඩ්.උයන විදිහෙන් තමයි සයනයිඩ් ඉවත් වෙන්නේ... (නි)
ෆොන්ටෙරා එකට යන කල පේනවා විද්‍යුත් මාධ්‍ය වල දාන වෙළඳ දැන්වීම් දැක්කම. යෝගට් කෑවොත් බඩේ අමාරු හැදෙන්නේ නැහැ. කිරි බිව්වම අවුරුදු දෙකේ ළමයා පහ වසරේ වැඩ කරනවා. (නි)
අනේ නිමල් , ඔයා වගේ මෝඩයෙක්! (නි)
කිරිපිටි තහනම් කරන්න තියෙන උනන්දුව අර ගම්පහ පැත්තේ වතුර වලට විස කලවම් විමේදීත් තිබුනා නම් අද ජීවිත කියක් ඉතුරු වෙනවද? (නි)
මම දැක්ක ඇපල් පෙට්ටියක් බානවා කඩේකට. මම නිකමට ඒකේ කා. ඉ. දිනය බැලුවා. මාව උඩ ගියා. ඒකේ තිබුනේ නිෂ්පාදිත දිනය ඊට කලින් දවස වෙන විදියට මුද්‍රණය කරලා. මම එදා ඉඳලා ඇපල් කන්නේ නැහැ..!!! (නි)
කිරිපිටි විතරක් නෙමෙයි ලංකාවට ගෙන්වන ගොඩක් ආහාර වල ප්‍රමිතියක් නැහැ. දැන් ටික කලකට කලින් කිවුවා සීනි වල ආසනික් කියලා. මේවා නිරන්තර පරීක්ෂාවකට ලක් වෙනවද? එහෙම කළත් එම පරීක්ෂාවනගේ විශ්වාසනීයත්වය ගැන අපට පැහැදීමක් නැහැ.කොහොම වුණත් මේ ප්‍රශ්නය නිසා රතුපස්වල ඝාතන සිද්ධියේ අවධානය වෙන අතකට යොමු වුනා. අවසානෙදි මේ ප්‍රශ්නෙදිත් වැරද්ද, පාඩුව මෝඩ මහජනතාව විදියට අපිටම තමා දරන්න වෙන්නේ (නි)
කොහොම හරි මේකේ වෙන නරක ගැන කියන එකට වඩා ෆොන්ටෙරා එකේ අදහස් වලට විද්‍යුත් නාලිකා වල වුණත් දෙන්නේ පුදුමාකාර ඉඩක්. එහෙම වෙන්නෙ ඇයි? (නි)
ෆොන්ටෙරා එකට කැමති අයනේ වැඩි මෙතන. (නි)
බලනකොට මෙතන වැඩිපුර ඉන්නෙ ෆොන්ටෙරා එකට ආවඩන අයනෙ... (නි)
හෙට වෙන කතාවක් එහෙම නම් කියන්න එපා හොදේ.. (නි)
මේ මොකක්ද ඒ ගමන වෙන්න යන්නේ? (නි)
කිරි පිට වල විතරක් නෙමෙයි. දැන් අපි කන හැම දේම විෂ තමයි.(නදී)
චීනේ වෙච්ච දේ මතකද?(නදී)
ලංකාෙව අයි.ටී.අයි. වාර්තාව හරි කියල අපි පිළිගනිමු. දැන් ලංකාෙව ඇති තරම් කිරි තියෙනවා. අපි අපේම කිරි නිෂ්පාදන භාවිතා කරමු. සිය රට දේ සිරි සැප දේ.(නදී)
වෙනත් සතෙකුගේ කිරි බොන එකම සතා මිනිසාය. ඕවා සියල්ල තව සතියකින් අමතකයි සියල්ලම ජේ ආර් ට එකවුන්ට් කරමු.(නදී)
ඕව්, චීනය, රුසියාව වියට්නාමය දැනට නවසීලන්ත කිරි තහනම් කර තිබෙනවා. අපි වගේ රටකට බල කරලා විස පොවන්න නවසීලන්තයට බලය තියනවා කියලා හිතන්නේ ,එයාල තාම අපි දිහා බලන්නේ තාක්ෂණය අඩු , සල්ලිවලට ගන්න පුළුවන් දුප්පත් රටක් විදියට, මේවට වග කියන්න ඔන රට කරන අය.(නදී)
නවසීලන්තයේ පාවිච්චි කරන දියර කිරි වලත් තියෙනවද ?දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.(නදී)
මේ ගොල්ලන් හදන්නේ විස කවලා හරි තමන්ගේ මඩිය තර කර ගන්න.(නදී)
ටීවී එකේ මමත් මේවා දිහා කොච්චර ආශාවෙන් බලා හිටියද? (නි)
හෙට අනිද්දා වෙනකොට රතුපස්වල සිද්ධිය ආදි සියල්ල අපිට අමතක වෙලා (නි)
මේ සිද්දිය මට හිතෙන විදිහට මේක නිර්මාණය කරපු ප්‍රශ්නයක්,රතුපස්වල සිද්දිය මිනිස්සුන්ට අමතක කරවන්න.අපිට නම් අඕ ඇවිල්ල මේගොල්ලෝ හරි දක්ෂි මේවා යට ගහන්න. (අ)
ළඟදීම ජනතාවට අහවල් ලකුණ කිරිපිටි සෑම වෙළද සැලකින්ම ලබාගත හැකිවේවි. (නි)
ඩී සී ඩී සහ අයි ටී අයි යන්න පැටලිලා දැන් අපිට. (නි)
“එක නිෂ්පාදන වාරයකදී ඩි.සි.ඩි වැඩිවුනා“ යන්නෙන් අදහස් වනුයේ මෙම කිරිපිටි වල මෙම රසායනය අඩු වැඩි වශයෙන් අඩංගු වන බවයි.ප්‍රමාණය අපට වැදගත් නොවේ.ඒය අපට අහිතකර නම් ඇයි අපි ඒය දැන දැනත් භාවිතා කල යුත්තේ.හැකි තරම් දේශිය දේට අපි හුරු වෙමු. (ස)
මොනවා වුණත් සමහරු කිරිපිරි වල නම් කියන්න මැලිවෙනවා. ෆොන්ටෙරා කිව්වත් ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. (නි)
චීනය..රුසියාව ...සිග්ගපූරුව. නවසීලන්තයේ කිරි තහනම් කරනකොට අපිටත් හිතුනද දන්නෙත් නැහැ.(අ)
මේ මොන අපබ්බ්‍රංසයක්ද..? හැමතැනප පටලවලා... අයියෝ සල්ලි (අ)
ජෙර්මනිය ,හා ප්‍රන්සයත් මෙම පරීක්ෂණය කලා,චීනයේ ඉල්ලීමකට අනුව, එම රටවලුත් පිළිගත්තා මෙය, සත්‍යක් බවට, ඉන් පසු ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් තම රටේ ළදරු කිරි පරීක්ෂා කලා ...? ඇයි අපේ රටේ මිනිසුන්ට වස පොවන්නේ බලෙන්, හරියට එයාලගේ දේපලක් විනාශ උනාවගේනි..! මිනිසුනේ සත්‍ය තේරුම් ගනිල්ලා, කෝටි 100 ක් , පගාව දෙන්න හැදුවත් මේවගේ දේවලට අනුමැතිය දෙන්න එපා , අපේ වර්ගයා විනාශ කරලා,පිටරටවල් පොහොසත් කරලා ලබන සැපත මොකක්ද ..? (අ)
ෆොන්ටෙරා නිෂ්පාදන වලට ඔය තරම් සහතික කරන්න පුළුවන් නං. රජය මොනවද කරන්නේ? මේවා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන සෙල්ලමක්. අපේ දරුවොන්ගේ අනාගතෙත් එක්ක කරන සෙල්ලමක්. වැඩි පුර කිරිපිටි දෙන්නේ රටේ දරුවන් ට. මේ ක්‍රියාවලිය හරියට සහතික වෙනකල් වත් ඔය කිරිපිටි වෙළඳ පොලෙන් ඉවත් කරන්න අදාල බලධාරීන් වගකීමෙන් කල යුතුයි. ලංකාවේ දේශීය නිෂ්පාදන තව ටික කලක් වත් යනකල් සියලුදෙනාම පාවිච්චි කරන්න. කිසිම කෙනෙක් බහුජාතික සමාගම් නං විස්වාස කරන්න එපා. මොවුන් ආහාර කල් තබා ගැනීමට නං දෙමව්පියෝ හරි විකුණයි. (අ)
කිරි පිටි විතරක් නෙමේ නවත්වන්න ඕනා. අනෙක් හැම රටකම තහනම් කරපු නිෂ්පාදන අපේ රටෙත් ඉක්මනට තහනම් කරන්න ඕනා. (ස)
ශ්‍රීසර, ඔයාට කිවුවද ෆොන්ටෙරෝ එක? ඔයා මොනවා ඉහළින් තියලා කතාකළත් අපිට කමක් නැහැ, එහෙත් අපේ රටේ තියන මඤ්ඤොක්කා අලේ පහත් කරලා කතාකරන්න එපා. (නි)
ශ්‍රී ලංකාවේ ෆොන්ටෙරෝ සමාගමේ නියෝජිතයෙක් වගේ... මේ දවස්වල් සැහෙන්න පාඩු ඇති එකයි මේ කඩේ යන්නේ.(අ)
චමින්ද ප්‍රදීප් දැන්මම රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. බලන්නකෝ එයා ලියල තියන දේවල්. (නි)
ස්තුතියි අයිටීඅයි. .කොන්ද කෙලින් තිබීම ගැන ඔබ ආයතනයට බොහොම ස්තුතියි ජයනාත්ගේ යෝජනාවත් ඉතා වටිනවා.(අ)
මොකක්ද මේ අයි.ටී.අයි සහ ඩී.සී.ඩී කියලා කියන්නේ? (නි)
ඩීසීඩී නවසීලන්තයේ කිරි පිටි වල තිබෙන බව කියලා ගොඩාක් කල්. මේවා නවසීලන්තයේ තෘණ බිම් වලට යොදන්නේ හරිතාගාර ආචරණයේත් නයිට්‍රේට් ලවණ ජලයට එකතු වීමෙදීත් ඇතිවෙන අහිතකර තත්වය මගහරවන්න. එම රටේ හරකුන් නිසා පරිසරයට මීතේන් එකතු වන ප්‍රමාණයත් ගොවි බිම් නිසා නයිට්රේට ලවණ ප්‍රමාණයත් වැඩියි. නමුත් කරන වැඩෙන් මිනිස්සුන්ට වස කැවෙනවා. මේවා නිසා වකුගඩු නරක් වෙනවා. (නි)
සියරට දේ සිරි සැප දේ.. (නි)
අයි ටී අයි ආයතනය සතුව ඇති පරීක්ෂණ උපකරණ නිවැරදි වීමට පුලුවන. නමුත් ඒවා ක්‍රියාකරවන්නන් ගැන කිසිම විශ්වාසයක් තැබිය නොහැක. (නි)
මේ වෙළඳ නාමය සහිත කිරිපිටි බොන්නෙ ලංකාවෙ අය විතරද?අනෙක් දියුණු රටවල බොන්නෙ නැද්ද?එහෙම නම් අද ලංකාවට පුළුවන් නවසීලන්තයේ කිරි කර්මාන්තය අභියෝගයට ලක්කරන්න.අන්තිමට නටපු නැටුමකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ.වෙලාවකට හිනායනවා..තව වෙලාවකට ඇඬෙනවා. (නි)
මුනසිංහ ඔබ හරියටම හරි. නවසීලන්තයෙන් එන කිරිවල ඩී.සී.ඩී තියෙන බව අවුරුද්දක ඉඳලා කියනවා. ඒත් අපේ බලදාරීන් එය පිළිගත්තේ නැහැ. දැනටමත් පල විපාක පටන් අරන්. අපේ රටට දළඳා සමිදුගේ පිහිට තමයි.(නදී)
ඇයි ලංකාවේ ෆොන්ටෙරා නිලධාරින්ට විතරක් මේක පිළිගන්න බැරි? (නි)
දෙය්යනේ! අප මොනතරම් කාලයක් නවසීලන්ත කිරි බිව්වද? දැන්ද වස තියෙන බව දැනගත්තේ? දැන්නම් අසනීපයක් නැතත් අසනීප ගතියක් ඇඟට දැනෙනවා. (අ)
මේ ගොල්ලා ගහගත්තදෙන්. අපි නොබී හිටියා නම් ඉවරනේ, නමුත් අපේ අයට කොච්චර කාලයක් ඕව මතක තියෙයිද දන්නේ නැහැ.(නදී)
කිරිපිටි බීම නවතා සැවොම මව්කිරි බීමට පටන්ගමු.(නදී)
වන්දි ඩොලර් බිලියන ගනන් ඉල්ලල නඩු දාන්න තියෙන්නෙ.(නදී)
බොන්න එපා එම කිරි, බොරුවෙන් අපිව මුලාකරන්න හදනවා (අ)
දෙකක නේද වැඩි? මේ අය හිතන් ඉන්නේ අපි මූඩයෝ කියලද? අපි පුළුවන් තරම් තාක්ෂණයෙනුත් සන්නද්ද විය යුතු කාලයකි මේ .දියර කිරට හුරුවෙමු. (අ)
මෙම ගැටලුවට පිළිතුර සරලයි. ඔබේ සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය නම් ස්වභාවික ආහාර පාන වලට යොමු වන්න. (අ)
ඔය ගොන් කිරි බොන ඒක නවත්වලා,අපේ රටේ කුරක්කන් කැඳ ඒකක් උදේට බොන්න. ඇඟටත් හොඳයි මුදලුත් ඉතිරියි. දරුවන්ට ඉතාම ගුණයි. (අ)
හැකි සැමවිටම අප රට තුළ නිෂ්පාදිත දෑ පමණක් භාවිතයට ගමු.... (නි)
උදේට උදේට ටී එකක් බොමු. (නි)
පගාවට සියල්ල යටවූ යුගයක කොන්ද කෙලින් තබා කතා කරන අයි ටි අයි ආයතනයට මගේ උපහාරය! අපි හැමෝම දැන්වත් එළකිරි, කුරහන් කඩ වැනි දේ පානය අරඹමු (නි)
කට්ටියට ප්‍රශ්න අමතක කරන්නද මේ කිරි ප්‍රශ්නේ ගත්තේ. ඇත්ත ප්‍රශ්නේ තමා වැලිවේරියේ ජල ප්‍රශ්නේ. දැන් ඉතින් කට්ටිය කිරි අල්ලාගෙන නටනවා. මිනිස්සු තුන්දෙනෙක් පානිය ජලය නිසා මැරුණු බව අමතක වෙනවා (නි)
ෆොන්ටෙරා කියනවා නැහැ කියලා. අනෙක් අය කියනවා තියනවා කියලා. කෝකද හරි. අපට කාගෙ කතා වලටවත් ඇහුම්කම් දෙන්න ඕනෑ නැහැ. මොනවා හරි නරක දෙයක් තිබුනොත් අපිටයි හොඳ නැත්තේ. එම නිසා අපි රටෙන් ගෙනෙන කිරි නොබී ඉමු. අප රටේ ඇති දියර කිරි බොමු. කිරි ගොවියනි, මේ ඔබේ වාරයයි. කිරි වලට වතුර දමන්න එපා. වතුර දමලා ගන්න ලාබය මිල වැඩි කරලා ගන්න.පිරිසුදුව කිරි දෙන්න. එවිට හැමෝම කිරි බොයි. කිරි සමාගම් වලට යන සල්ලි ඔබේ අතට ලැබේවි. ගෙන්ගෙට ගොස් රටපුරා කිරි බෙදන්න.මේ වෙලාවේ කළ යුතුදේ කරන්න. ගොවියට හොඳ වෙලාව. (නි)
පිටරටින් ගෙනෙන ඕනෑම දෙයකට වැරදි වහලා පිළිගන්න අපේ සමහර අයට අයි. ටි. අයි. ආයතනයේ තීරණයෙන් ටිකක් රිදිලා වගේ. එක කාලයක නම් මේ වගේ වගකිව යුතු ආයතන වල නුසුදුස්සෝ හිටියා. හැබැයි දැන් ඉන්නේ සුදුස්සෝ විතරයි කියලා අපි දන්නවා. (නි)
ෆොන්ටෙරා සමාගමේ ශරීරයට අහිතකරයි කියන කිරිපිටි වර්ග ඉවත් කිරීමට පියවර ගන්න. හැබැයි දෙවන පරීක්ෂණයෙන් හොඳ බව තහවුරු වූ බව නොපවසන්න. ලංකාවේ පැවතිය යුත්තේ රජය පනවන නීති යි. (නි)
ජල ප්‍රශ්නෙට ටැංකි හරි දෙන්න පුළුවන්. පසුව බට දාන්න පුළුවන්. මුළු රටේම දරු පැටවුන්ට පිළිකාකාරක නොදැන පොවන එක ඊට වඩා භයානකයි. මුළු රටේම අනාගත පරම්පරාවට වඩා කිහිප දෙනෙක් වටිනවා කියන්නේ කවුද? (නි)
වසා, ඔයා නම් බිංදුවක්වත් කල්පනා කරන්නෙ නැත්තෙ ඇයි? ලෝකයේ දියුණුම රටක් වන චීනයෙත් ඔය අයගෙ නිශ්පාදන තහනම් කරලා බව ඔයා දන්නෙ නැද්ද අනේ? (නි)
දැන් අපේ දේශපාලුවන්ට බලකරන්න ඕනෑ නුවරඑළිය පැත්තේ තියන පයිනස් ගස් කපලා තණකොළ හදන්න කියලා. අපේ කිරි ගොවියන්ට අවශ්‍ය තණකොළ ටික කපාගන්න (නි)
පියදාස තාක්ෂනික මෙවලම් ක්‍රියාකරුවන් කෙරෙහි විස්වාසය තබන්න බැරි හේතුව අපිට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද. එක හෙතුවක්නම් මම දන්නවා උන් පස්ස පිහදාන්නේ නැහැ හෝදනවා. වාස් ඉකි ගහනකොටම හදුනාගත්තා. තව ටික දවසක් ගියානම් අඩනවා බලන්න තිබුනා. පරාක්‍රම වැලිවේරියේ මලේ තුන්දෙනයි, මේ මරන්න යන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න පරම්පරාවක්.(නදී)
සිය රට දේ සිරි සැප දේ කියලා දේශීය කිරි බිව්වනම් හරිනේ. මොකද අපේ මුතුන් මිත්තෝ ඔය පිට රට කිරි බිලද දාගැබ් හැදුවේ, වැව් බැන්දේ . අනික, කාලෙකට කලින් අපේ කිරි ගොවියෝ කිරි පාරේ හැලුව හොද මිලක් නැහැ කියලා. ඔන්න නියම වෙලාව රටට ආදරේ කරන දේශප්‍රේමීන්ට.(නදී)
මම නම් කවදත් බොන්නේම ඇන්කර් පිටි කිරිම තමයි. මේවා මේ දේශපාලන වාසි ලබා ගන්න දාන බොලඳ උපක්‍රම. ජනතාව මේවාට රැවටුනු කාලය දැන් ඉවරයි. එක කාලයක් කිරි දරුවෝ දූෂණය ගැන එලි පිට කතා කලා. දැන් මාස 5 ගෑනු ලදැරියෝ දූෂණය කරද්දී කතා නැහැ. තමන්ගේ දුව දූෂණය කරන්න එක අතකට පොලිසියෙන් ලයිසන් ගන්න තාත්තට ඕනෙත් නැහැ. තමන්ගේ ලේ වල අයිතිය තාත්තට තියෙනවා. (නදී)
කිරි දෙනුන්ගෙන් කෙලින්ම කිරි බොන්න ක්‍රමයක් හදා ගත්තා නම් ලේසියි මම හිතන්නේ. (නදී)
අනුන්ට බැනල වැඩක් නෑ. අපේ රටේ බලධාරීන් කිරෙන් රට ස්ව්‍යංපෝෂිත කරන්න ක්‍රමයක් සැකසිය යුතුයි. එතකොට රට කිරි නිකන්ම අතු ගෑවිලා යාවී.(නදී)
මේ සම්බන්දව බහුශ්‍රත බන්දුල පෙරේරා මැතිතුමාගේ ප්‍රකාශය උදක්ම බලාපොරොත්තු වෙමි.(නදී)