IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘

(මනෝ ප්‍රිය ගුණසේකර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව  මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම පසුගිය නඩු වාරයේ අධිකරණ ලබාදුන් අවසරය අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අවසර දීම සම්බන්ධව එවකට කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවාවන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය ලබා දෙමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුලත් කරුණු තහවුරු කරන ලේඛණ ඉදිරිපත් කිරීම අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීමක් බවත් අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳ විශය භාර අමාත්‍යවරයා සෑහීමකට පත්වනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට පවසා සිටි බව ද ඇය අධිකරණයට කරුණු අවධාරණය කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රකාශ ලබාගත් හිටපු අමාත්‍යවරුන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවේ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා නොදුන් හොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය තත්ත්වය කඩා වැටිය හැකි බව සඳහන්ව තිබූ හෙයින් ඊට අවසර ලබා දුන් බවට පොදුවේ ප්‍රකාශ කල බව ද පවසා සිටියා.

එම කැබිනට් පත්‍රිකාව තුළ අවශ්‍ය ඖෂධ මොනවාද කියා පැහැදිලිව සටහන් නොතිබුණ ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කෙරෙහි විශ්වාසය තබමින් කැබිනට් මණ්ඩලය ඊට අවසර ලබා දුන් බව ද හිටපු කැබිනට් අමාත්‍යවරුන් ප්‍රකාශ ලබා දෙමින් පැවසූ බව ද ඇය කියා සිටියා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබා දුන් ප්‍රකාශය මඟින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා කැබිනට් පත්‍රය ඉදිරිපත් කර තිබෙන බවට නොදැන සිටි බවත් එසේ දැනුවත්කමක් තිබුණේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා නොදෙන බවත් පවසා ඇති බව ද ඇය කියා සිටියා.

 



අදහස් (16)

‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘

Asela Saturday, 30 November 2024 12:33 PM

තොත්ත බබාලා...

:       6       30

සුපුන් චාමර Saturday, 30 November 2024 12:48 PM

මරු බඩු ටික. ඇත්තම කියලා....

:       4       27

සන්ක Saturday, 30 November 2024 01:02 PM

බබාලා හිටියේ ඉස්සර කැබිනට් එකේ. අනේ මගෙ කට... මේ ඔක්කෝම අපායේ යන්න ඕනේ. රටේ මිනිස්සු මැරිලා ඇස් අන්ධ වෙලා අදටත් කර කියා ගන්න නැතුව ඉන්නේ. තොලට හෙන ගහලත් මදි. මේ ජනතා ආන්ඩුවෙන් අපි ඛලන් ඉන්නේ මේ තක්කඩියන්ට දඬුවම් දෙනකන්.

:       3       20

gunarathna Saturday, 30 November 2024 01:40 PM

රනිල් කෑවා.. මේ අය හරක් වගේ අත ඉස්සුවා. ඕක තමයි සරලම කාරණය.

:       9       17

janahitha Saturday, 30 November 2024 01:53 PM

ජනතාවට විමුක්තිය... හොරුන්ට විනාශය. ජනතාවනි, එක්වෙයව්, මිනීමරු හොරුන් ඔරිස්සාවට පන්නා දමව්..

:       5       9

janahanda Saturday, 30 November 2024 01:54 PM

මොහුට මරණ දඬුවම දියව්... මොවුන්ට හෙණ හතම වැදියව්.

:       2       3

Anura Pathirana Saturday, 30 November 2024 01:55 PM

මොහුගේ පින්තූරවත් දාන්න එපා...

:       2       8

පොඩිඑකා Saturday, 30 November 2024 02:00 PM

ඕකෙ හිටපු හැම කෙනාම කලේ ඔය ජාතියේ හොරකම් තමයි. නොමග යවන්න තොත්ත බබාලා...!

:       3       6

සමන් Saturday, 30 November 2024 02:08 PM

ලෙඩ්ඩු ගොඩක් සල්ලිවලට මරපු නරුමයින් නිදැල්ලේ.. මේ රටේ නීතිය කෝ?

:       1       7

පිටිගල මිලානෝ Saturday, 30 November 2024 02:22 PM

වැල් බයිලා ගගහා ඉන්නේ නැතුව දාන්නකෝ හිරේ. එළිපිටම ලොකු අපරාධයක්නේ කරලා තියෙන්නේ…

:       2       7

පුරවැසියා Saturday, 30 November 2024 02:41 PM

වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමේ යාන්ත්‍රණය වේගවත් කරන්න සුදුසු කාලයයි මේ.

:       2       4

පිටරටවැසියා Saturday, 30 November 2024 02:59 PM

එතකොට කෙහෙළිය, දුවට ඇත්ත කියලාද?

:       0       3

Kazi Shajahan Saturday, 30 November 2024 03:29 PM

කෙහෙළිය මරණය පෙනි පෙනී... ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ඉක්මණින් ලැබෙයි...

:       0       0

de silva Saturday, 30 November 2024 03:33 PM

රෝගීන්ගේ මරණ වලට කෙහෙළිය වගකියන්න ඕනේ..., ඔහුට අනිවාර්ය මරණ දණ්ඩනය දෙන්න ඕනේ..!

:       0       0

SAMAN WEERARATNE Saturday, 30 November 2024 03:39 PM

කෙහෙළියගේ ඇඟේ ගහලා ශේප්වෙන හැටි. නීතිපති මොවුන්ට කිසිම බුරුලක් නොදිය යුතුයි. කැබිනට් ඇමැතිවරුන්ට ඇත්තේ භාරදූර වගකීමක්. කෙහෙළිය ඉදිරිපත් කළ පත්‍රිකාව ඔහු දුන් පමණින් අනුමත නොකරයි. එහි නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කර තහවුරු කරගත යුතුව තිබුණි. කෙහෙළියගේ ඇඟේ ගසා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් බේරීමට නොහැකියි...

:       1       2

නන්දන පනා-මිලානෝ Saturday, 30 November 2024 03:40 PM

ඒකට එක්වී එකට කාබී එකට සැතපීලා… කොහොමද නිදිමතයා පාවාදෙන පාවාදිල්ල… ඒක තමයි ප්‍රබලම සාක්ෂිය…!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා
2024 නොවැම්බර් මස 30 61 0

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.


නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට
2024 නොවැම්බර් මස 30 509 0

කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි ප


විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 3832 2

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාව


හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි
2024 නොවැම්බර් මස 30 2177 1

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇ


‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘
2024 නොවැම්බර් මස 30 2061 16

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම


වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 1618 4

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 604 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 806 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2234 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site