(අංජුල මහික වීරරත්න)
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද (24)පැවසීය.
ඡන්දෙ දුන්නොත් දෙන්න සල්ලි තියෙනවාදැයි ප්‍රශ්න කළ හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් අනුමත කර තිබෙන සල්ලි හැර වෙන තියෙන්නේ මොනවදැයි විමසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදීය.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා.ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා.ඔවුන් සමග කතා කොට සත්‍ය තත්වය පහදා දෙන්න උත්සාහ කරන්න.
මේ රටේ ඡන්ද දායකයින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ආර්ථිකය කඩා වැටීමේදී ජනතාවට විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා.නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබුණේ නැහැ.දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
Mahesh Thursday, 24 April 2025 08:25 PM
අනේ පව් රනිල්.
ජයනාත් Thursday, 24 April 2025 08:25 PM
මෙයා පරදින බව එයා දන්නෑ .. අනුන්ගේ කිල්ලෝට හොයනවා.