(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාව පිට පිට මැතිවරණ 2කදී මාලිමා ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා දී තිබිය දී ගම සහ නගරයේ බලය ඉල්ලා සිටින බවත් ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලා සහ යෝජනා කොතෙක් දුරට සාර්ථක දැයි සොයා ජනතාව තීරණ ගත යුතුු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනතා බලාපොරොත්තු සියල්ල පුස්සක් කර වැඩ බැරි ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් යටිනුවර ආසනයේ ඊයේ (29)පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව අලුත් බොරු ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති බවත් තුන්වන වතාවටත් ආණ්ඩුවේ බොරු වලට රැවටෙනවද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රජය පසුගිය දිනක ජාත්‍යන්තර තලයේ බොරු 2ක් කියා මාට්ටු වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ මාලිමා ආණ්ඩුවේ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.
අපේ රටින් ගිය දූත කණ්ඩායම ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අවශ්‍ය නිවේදනය නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රජය අයවැය යෝජනාවල නොමැති සංවර්ධන කටයුතු සහ සහන ලබා දෙනවා කියා ජනතාව තව වටයකින් රවටමින් යන බවත් ආණ්ඩුවේ බොරු වලට රැවටීමට ජනතාව තවදුරටත් සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලුත් අයි එම් එෆ් ගිවිසුමකට යනවා කිව්වත් එය ද නොවු බවත් හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුමේම එළැඹ සිටින බවත් මේක වැඩ බැරි ආණ්ඩුවක් බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වීම නිසා ජන සමාජය පාලනය කරන්නේ මිනිමරු මැර කල්ලි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම ගමකම ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා එක්ව නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
Malika Wednesday, 30 April 2025 03:31 PM
මාස හයෙන් රට පෝසත් කරන්න ජනාධිපති විශ්වකම්ම දිව්‍ය පුත්‍රයා නොවේ. අවුරුදු හතහයක් ඔයාලා කරේ රට පෝසත් කරපු එක නෙවේ... ඔයාලා පෝසත් වුණු එකයි. දැන්වත් ඔය ඊර්ෂාව නවත්තන්න. රට ගැන හිතලා හොඳවැඩ වලට වචනයකින්වත් උදව් කරන්න...
ටයරසෑපුත්‍ර Wednesday, 30 April 2025 03:49 PM
මගේ පිනට ලැබුණු නම නිසා යන්න පුළුවන් උපරිම උඩ විපක්ෂ නායකකම විතරයි කියලා හිතලා හිතලා සජිත් කෙට්ටුවෙලා...
ගමේ එකාලා Wednesday, 30 April 2025 03:59 PM
වසර 76ක් මාරුවෙන් මාරුවට ජනතාව අන්දලා බලයට ආපු දේශපාලුවෝ කරපු හරිය ගැන අපි හොඳට දන්නවා. ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කෑවා මදිවාට රටම බන්කොලොත් කෙරුවා...?