IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග

(කේ. බුද්ධික කුමාරසිරි)

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත්  සුදත් කිත්සිරි කුමාර හෙවත් "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත්  බස් රථ පහක් , මෝටර් රථයක් සහ යතුරු පැදියක් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (21) දින නියෝග කලාය

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් මෙම රථ වාහන අත් අඩංගුවට ගෙන තිබුණි

එම වාහන තහනමට ලක් කිරීම  සම්බන්ධයෙන් වර්ෂ 2024 පෙබරවාරි මස 17හෝ ඊට නුදුරු දිනකදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමකින් පසු අදාළ රථ වාහන අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින්  නියෝගයක් ලබා දී තිබුණි

පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුදර්ශණ සිල්වා හෝමාගම මහාධිකරණය වෙත කරුණු දැක්වීමකින් අනතුරුව අදාල නියෝගය බල රහිතකරන ලෙස එවක හෝමගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝගයක් ලබා දී තිබුණි

ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත නිදහස් කර තිබූ වැලි විට සුද්දා නමැත්තාට අයත් බස් රථ මෝටර් රථය සහ යතුරුපැදිය යළි නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට ගෙන තිබුණි

මෙම රථ වාහන සම්බන්ධයෙන්  මුල් අවස්ථාවේ දී ලබා ගත් තහනම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය හෝමාගම මහාධිකරණ මගින්  තවදුරටත් දීර්ග නොකිරීමට  මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්ෂඩීන් මහතා නියෝගයක් ලබා දී තිබූ අතර අදාල නියෝගය මහේස්ත්‍රාත්වරිය විසින් සලකා බලා මෙලෙස එම රථ වාහන මුදා හැරීමට නියෝග කළාය

තම භාරයේ තිබෙන බස් රථ පහ මෝටර් රථය සහ යතුරුපැදිය වාහන බැදුම්කරයක් මත මුදා හරින ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය  විසන් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප  කරන බවට මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥවරුන් විසින් විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ



අදහස් (0)

’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්
2025 පෙබරවාරි මස 22 148 1

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.


සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 22 612 0

අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත


මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි
2025 පෙබරවාරි මස 22 179 1

මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 206 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 677 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
2025 පෙබරවාරි මස 22 3048 4

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 130 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 397 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site