(සුජිත් හේවාජුලිගේ)
නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වනවිට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
නිවාස ඒකක 75 ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණැයි පැවැසෙන්නේ “ ඔබට ගෙයක් රටට හෙටක්" තේමාව යටතේය.
වලපනේ පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයේ මලපට්ටාව ප්‍රදේශයේ නාය යාමකින් එම මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම ඇණ හිටියේය.
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශයවන පාවක්කුලම ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රෝහලේ රාජකාරිකරන බන්ධනාගාර නියාමක වරයකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍ර
ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් එම කැබ්රථය මතට ඇ
දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
“ ඔබට ගෙයක් රටට හෙටක්’’ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් ගහලා
ජයනාත් Monday, 20 January 2025 08:29 AM
දැන් එන විගණන වාර්තා පෙන්වා දුන්නා සියලු ගණුදෙනු පාහේ දූෂිත යි කියල.. හැබැයි ඒවට ගනිපු ක්‍රියාමාර්ග ගැන මොකවත් නැහැ .. මේ වාර්තා නිකම්ම වාර්තා විතරක් වෙයි ද..
ravin Monday, 20 January 2025 09:00 AM
පහුගිය කාලේ ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගැනීම යනු ගසාකෑමක ආරම්භයක්. ඉදිරියටත් එසේම වේවිද ?
pj Monday, 20 January 2025 09:24 AM
නිවාස 7744 ඉදිකරීමට නිවසක් වෙනුවෙන් රැපියල් ලක්ෂ 10 කට අඩු මුදළක් වැය වී අැත... කෝටි ගණන ගැහුවේ....???
vernon Monday, 20 January 2025 09:24 AM
නිවාස ඒකකකට යන වියදම ඇස්තමේන්තුව ඉක්මවා ගිය පමණින් එතන ගැහිල්ලක් ගියා කියන්න පුළුවන්ද? සාමාන්‍ය බිත්ති හතරක් උස්සලා වහලයක් දාන්නත් ලක්ෂ 5ට වඩා යනවා. බාස් කුලිය අහස උසට.
Channa Monday, 20 January 2025 11:05 AM
COVID සමගම ඉදිකිරීම් නවතා තිබුණ බවත්, ඊට පසු ආර්ථික අහේනිය මත ඒවා නැවතී තිබුණු බවත් උන්නැහේ ලට මතක නැතිව ඇති නේද?
Abid Monday, 20 January 2025 12:42 PM
පුවත් විතරක් නෙමෙයි. වැරදි වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියා මාර්ග නැද්ද? මේ වගේ දේවල් චන්දයෙන් පෙර වේදිකාවල ගොඩක් ඇහුවා. දැන් චන්දය ඉවරයි, බලය තියෙනවා. මොනවාද ක්‍රියා මාර්ග? අඩු ගානේ නඩුවක්වත් ෆයිල් කලාද අදාල අයට?