IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අගමැති සුරතින් විවෘත කෙරේ

තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (18) විවෘත විය.

එම බුදු කුලුන මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවකි.  රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුදු කුලුන විවෘත කිරීමෙන් එම පරිශ්‍රයේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.
 
බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති දේවාලේගම ධර්මසේන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, විද්‍යෝදය පරිවෙණාධිපති බලංගොඩ සෝභිත හිමි, නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කළ වදාළහ.
 

(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)

 



අදහස් (19)

“හොඳ හිත නෙළුම් බුදු කුලුන” අගමැති සුරතින් විවෘත කෙරේ

Nazar Thursday, 18 February 2021 10:26 AM

මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්...

:       7       40

siri Thursday, 18 February 2021 10:32 AM

මේ කණුව ඇතුලේ විදුලි සෝපානයකුත් හයි කරන්න ඇති එහෙනම්. කණු හදලා ධර්මය රකින්න පුලුවන් නම් හරි ෂෝක්...

:       8       38

නදී Thursday, 18 February 2021 10:44 AM

රට ණය කාරයෙක් කරලා හොර චීනත් එක්ක එකතුවෙලා හැදුවා නෙළුම් කුළුණ කියලා මල ජරාවක්. දැන් පාඩුයිලු. තව කොහෙද හදනවාලු මැණික් කුළුණ කියලා. මේවා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. හැබැයි මේවාට ගෙවන්න වෙනවා, පවුල් පිටින්ම, අපායේ යනවා...

:       13       61

shantha Thursday, 18 February 2021 10:47 AM

ඔය කුළුණ විතරයි තව රටට අවශ්‍ය වෙලා තිබුනේ... දැන් සෞභාග්‍යෙයන්, සියල්ලෙන් රට පිරිලා ඉතිරිලා, ඉන්දියාවටත් ගලාගෙන ගිහින්... ඔහොම යමු ගෝත්‍රිකයිනේ....

:       9       37

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 February 2021 11:10 AM

"හොඳහිත නෙළුම් බුදු කුලුණකි අහස් කුසේ ... විසිතුරු වර්ණ ඇති බුදුරුව පෙනෙයි මෙසේ ... බුදුහිමි ගුණ ගැයුම පිදුමත් කොට මෙලෙසේ ... සැමටම සෙත සෑදේ .. !!! මේ කුසලය විලසේ ... "

:       30       18

පිටිගල මිලානෝ Thursday, 18 February 2021 11:49 AM

බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් මේවා දැකලා මොනතරම් කම්පා වෙයිද...?

:       10       44

චින්තක Friday, 19 February 2021 06:17 PM

එදා දේවදත්ත මිසදිටුවන්ට බණ කිවුවේත් මෙහෙමම තමයි...

:       0       0

Samitha Thursday, 18 February 2021 11:52 AM

කිරිපැණි විකුණලාම කුළුණකුත් හදලා කිරි මුදලාලි..සාදු..!!! සාදු!!!.

:       4       30

hira Thursday, 18 February 2021 12:34 PM

බුදුදහම රකින්න මේ කුළුණු හදලා හරියන්නේ නැහැ. අනිත් අය ගේම දෙනවා ලස්සනට ඒ අයගේ ඔලුගෙඩි ගැණ වැඩිකරගන්න. මේවා නීති මගින් පාලනය කළේ නැතිනම් ලංකාවේ කුළුණු විතරක් ඉතිරිවේවි...!!! 

:       5       24

rocky Thursday, 18 February 2021 01:23 PM

ජාතියට කුළුණු සපයන්නෝ... අනේ මෙහෙමත් විහිළු..!!! 

:       7       29

බෞද්ධයා Thursday, 18 February 2021 01:37 PM

වැඩිකල් යන්න කලින් අපේ සමහර පන්සල් "බෞද්ධ ඩිස්නිලන්ත" බවට පත්වෙන ලකුණු තමයි දැන් දැන් රට පුරා පෙනෙන්න තියෙන්නේ. අසරණ සැදැහැවතුන්ගේ අප්‍රමාණ ශ්‍රද්ධාව උළුප්පමින් ඔවුන්ගේ සම්මාදම් මුදල් යොදාගෙන තැනින් තැන සුඛෝපභෝගී සුවිසල් ගොඩනැඟිලි සහ විවිධ විච්චූරන ගොඩනඟන එක දැන් මෝස්තරයක් වෙලා. අනෙකුත් ආගමිකයින් බෞද්ධයින් බිලිබාගන්නා බවට රොස් පරොස් නඟන ධනවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කීයෙන් කීදෙනාද අසරණ බෞද්ධයින්ගේ වගේම දුෂ්කර ගම්පළාත්වල පිහිටි විහාරස්ථාවල කටයුතු වලට අතහිත දෙන්නේ. ඔවුනට පිහිට වෙන්නේ..?

:       4       32

බද්රානි Thursday, 18 February 2021 02:16 PM

සමිත සේනක අලුත්ගමගේ. තනිවම ඉන්න ගමන්.., කවිත් ලියනවනේ ලජ්ජා නැතිව...? අනේ හැබෑටම මේ වගේ බෞද්ධයින් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ... පව්!!

:       13       18

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 18 February 2021 04:48 PM

බද්‍රානි මහත්මිය, මා කවියක් ලීවේ බුදුරුව ගැන ඇතිවූ භක්තිය නිසායි. ඒත්, ඔබතුමිය ඇතුළු මෙහි අදහස් දැක්වූ බොහෝ දෙනාගේ අදහස් හා එකඟ බව දන්වමි. වරදවා නොසිතන්න. සමාජ අසාධාරණයට, වරදට, වංචාවට හා වැරදි දේට ඔබතුමිය හා මෙහි ලියන අය මෙන්ම මාද විරුද්ධ බව මා ලියන බොහෝ දෙයින් පැහැදිලි වෙනු ඇත. ස්තූතියි...!!!

:       0       6

Prabha Thursday, 18 February 2021 03:21 PM

ඉහට වහලක් නැති, කුසට අහරක් නැති මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා මේ අය දන්නේ නැද්ද?

:       4       27

chandrikaThursday, 18 February 2021 03:49 PM

දුප්පත් පවුල් කීයකට ගෙවල් හදලා දෙන්න තිබුණද මේ බම්බුව හදපු සල්ලි වලින්...? මේවාට අනුබල දෙන මෝඩ, නූගත් ඒ වගේම දුප්පත් මිනිස්සුත් ඉන්නවනේ. මිනිස්සුනේ මේ ඔබලාගේ සල්ලි. පින් කරගන්න කුළුණු හදන්න අරගෙන. ඕවා හැදුවාට වැඩක් නැහැ කරුමය ටිකෙන් ටිකයි ඵල දෙන්නේ.. විඳවලා තමයි අපායට ඇදගෙන යන්නේ.

:       4       26

වසන්ත Thursday, 18 February 2021 06:52 PM

රාජපක්ෂලා හැදුවත් එකයි.. රාජපක්ෂලාගේ එහෙයියෙක් හැදුවත් එකයි. හැබැයි මී කිරිවල සුද තරම් සුදු චරිත මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා.. පිරුවට සුදු වුණාට චරිත කලුයි.

:       0       2

Lakvidu Friday, 19 February 2021 01:52 AM

‘බුදු කුළුණ’ ...? මේ නමත් බුදුන් වහන්සේට නිග්‍රහයක් නොවේද? වෙනත් ආගම් වල ජේසු කුළුණු, නබි කුළුණු, ශිව කුළුණු, ලෙස නම් තබා ඔවුන්ගේ ශාස්තෲන්ට නිග්‍රහ කරන්නේ නැත.

:       0       2

nihal Friday, 19 February 2021 02:20 AM

නදී, රොකී, බද්‍රානි, ඔබලා බොහොම හරි... තමුන් බාරගත් යුතුකම හරියට නොකර බොරු දේවල් කරනවා. රට තවතවත් ආපස්සටම අරන් යනවා.

:       0       2

සපුමල්,Sapumal,SAPUMAL. Friday, 19 February 2021 10:44 AM

කිතුණුවන් සාමාන්‍යයෙන් කාරුණිකයි. ඒත්, කිතුණුවන්ටත් නිගාදෙන "බෝන් අගෙයින් " කල්ලියේ එක්තරා කාන්තාවක් බොරු කැක්කුමක් ඇතිව බෞද්ධ ප්‍රශ්න ගැන මැදිහත් වනු පෙනේ. එදා කාදිනල් තුමාද පැවසුවේ මේ කල්ලියේ අයට නොරැවටී ඉන්නා ලෙසයි. මතකද වික්ටර් රත්නායක මහතාට සිදුකළ අපරාධය... බෞද්ධ ප්‍රශ්න බෞද්ධයන් බේරාගැනීම කළයුතු වුවත්, බෝර්න් අගේන්වරුන්ට ඒවා බාරදීම නොකළ යුත්තකි. අවධානයෙන් සිටිමු...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කොටුව -කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රියක්
2025 ජනවාරි මස 26 27 0

කොළඹ කොටුව හා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 31 දා සිට දිනපතා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඉන්දීය ධීවරයෝ 33 ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 26 18 0

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හ


කොටි වළ දැමූ රන් සෙව් 10ක් අල්ලයි
2025 ජනවාරි මස 26 200 0

කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අ‍ැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අ


බස් බස් ගැටී නවයක් රෝහලේ
2025 ජනවාරි මස 26 252 0

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසල දී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම බස් රථවල ගමන් ගත් මගින්


අල්ලේ සවාගෙන යා හැකි ගිනි අවියක් කහතුඩුවෙන් සොයාගනී
2025 ජනවාරි මස 26 422 0

අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් ත


පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ
2025 ජනවාරි මස 26 262 0

නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්‍රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 20 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 555 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 649 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site