IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර මහා නායක  හිමිවරු සහ ශ්‍රී මහා බෝධිය හා  රුවන්වැලි මහා සෑය වන්දනා කර ආශිර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය  නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති  සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.  මෙහි දී  අටමස්ථානාධිපති  සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන හිමියන් අග්‍රාමාත්‍යවරියගේ පැමිණීම විශේෂයෙන් ඇගයුමට  ලක්කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන  සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද  ලබාගත්තාය.

මෙහිදී රුවන්වැලි මහ සෑ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරිය කෙටි පිළිසඳරක යෙදුණු අතර පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කෙටි අනුශාසනාවක් කරමින්  අටමස්ථාන ආශ්‍රිතව පවතින ප්‍රවාහන සහ සනීපාරක්ෂක පහසුකම් ගැටලු සම්බන්ධව අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් රජරට විශ්ව විද්‍යාලයට  නව භාෂා පීඨයක්  ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කළාය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට අශිර්වාද ලබා ගත්තාය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරු ද සම්බන්ධ වුහ.



අදහස් (1)

අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී

අමල් Monday, 24 February 2025 05:21 PM

උපකුලපතිකමෙන් දොට්ට දාලා, සංඝ භේදය ඇති කරලා, තව එනවා පිරිකර පූජා කරන්න.! මේ වගේ දේවල් කරන්නේ සාරි ඇඳගෙනද?

:       12       5

ඔබේ අදහස් එවන්න

 

 

LD Events

අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී
2025 පෙබරවාරි මස 24 529 1

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර


මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 1410 2

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


පුරය සරසන්න පෙරහරට පේ වෙන අලි ඇතුන්ගේ හැඩ
2025 පෙබරවාරි මස 10 1037 0

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.


පොල්වත්ත පන්සලේ නිදහස් උත්සවය
2025 පෙබරවාරි මස 04 972 0

77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.


නිදහස් සම්මාන පෙළපාළිය ඇරැඹේ
2025 පෙබරවාරි මස 04 514 0

ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.


බලංගොඩ රාධ හිමියන්ගේ මහා සතිපට්ඨාන දේශනාව හෙට අනුරපුරේදී
2025 ජනවාරි මස 17 344 0

බුදුන්වහනසේ වදාහළ ධර්මස්කන්ධය අවුරුදු 5000ක කාලයක් ඉක්බිතිවත් පවතින එකම දේශය මේ ලංකාධරණීතලය වශයෙන් බුදුන් වහන්සේ විසින්ම දෙසූ අවස්ථා ඇති බව අප අසා ඇත්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 201 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 420 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site