IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන  "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය"  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)එක් විය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 06  දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.



අදහස් (9)

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි

Photo Op Saturday, 28 September 2024 03:09 PM

මේ ෆොටෝ හරිම ස්වාභාවික විදිහට ගත්තුවා. අර ළමයි ඉඹින, කාර් කෑලි මැද හිටවල ගත්තු ඒවා වගේ නොවේ. "පොලවේ පය ගහපු" ගතිය... තියෙනවා.

:       88       44

අරැන Saturday, 28 September 2024 03:12 PM

දැන්වත් තෙරුම්ගන්න හැම ජනාධිපතිමට එකම ආසාවල් තියෙන්නේ කියලා...

:       59       82

Prabha Saturday, 28 September 2024 04:14 PM

අරුන දන්නේ නැද්ද සාහිත්‍යය කන්නද කියලා අහපු ජනාධිපතිලත් ලංකාවේ හිටියා කියලා...

:       33       52

Korale Saturday, 28 September 2024 04:49 PM

සාහිත්‍ය කන්නද කියපු ජනාධිපති නිසා මිනිසුන්ට යමක් හරිහැටි තේරුම් ගන්න මොළයක් නැතිවෙලා තමන් විශ්වාස කරන කවුරු හරි කෙනෙක් මොනදේ කිව්වත් ඒක හිස් මුදුණින් පිළිගෙන ඒක විතරක් හරි අනෙක්වා ඔක්කොම වැරැදියි කියලා හිතන පිරිසක් ඇතිවුණා. කල්පනා ශක්තියක් නැතිවුණා. හරියට අපේ අසල්වැසි පිනා වගේ ජාතියක් රටේ ඇතිවුණා..!

:       24       13

සෙනෙවිරත්න Saturday, 28 September 2024 04:37 PM

කියන්නකෝ පොත් කියවපු ජනාධිපතිලා, මෝඩයෝ පත්කරලා මෙතුමාත් ඒ ගානට දාන්න එපා...

:       28       14

විජිත් Saturday, 28 September 2024 04:43 PM

ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ඉතාම ආදරයෙන් කියන්න දෙයක් තියෙනවා, ඒ ඔබගේ ආරක්ෂාව පිළිබඳවයි. කරුණාකර ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බොහෝ සැලකිලිමත් වන්න. ඔබ දැන් අවුරුදු විසි ගණනක් ආරක්ෂාව ලබාගෙන නැති බව අපි දන්නවා. නමුත් අද ඔබ සිටින්නේ සුවිශේෂී තැනක. දැන් මුළු පරිසරයම නිසංසලේ සිටින බව පෙනුනත් "සතුරන්" දැන් පෙරටත් වඩා රහසින් ක්‍රියාකාරී වෙලා ඉන්න පුළුවන්. ඒ තමයි ඔවුන්ගේ නිවටකම. ඒ නිවටයින් රහසිගතව ඔබට යම් කිසි උපද්‍රවයක් සිදුකළොත්.. මේ නැවත පණ ගසාගෙන ඒමට තැත්කරන මුළුරටම යලිත් ගොඩනැගීමට බැරිවෙන අගාධයකට වැටෙන්න ඉඩතියෙනවා. ඒ තමයි සතුරාගේ අරමුණ. එනිසා දෙවරක් නොව තුන් හතර වරක් සිතා ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කරන්න...!

:       7       56

බස්තියන් Saturday, 28 September 2024 04:56 PM

ගරු ජනාධිපතිතුමා පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළත සංචාරයේ යෙදුනොත් මගී ජනතාවට පිළිකුලෙන් තොරව බස් නැවතුම්පොළ වෙතට යන්න පුළුවන් වේවි සාමාන්‍යයෙන් මී උණට අවශ්‍ය බෙහෙත් පාවිච්චියට අරගෙන මිස සංචාරයේ නොයෙදෙනවා නම් ඉතාමත් හොඳයි.. ඊළඟට ලංගම (ලං ගොම) බස් අපිරිසිදු වුනත් ඒවා එතුමා නොබලනවා නම් අපිට තවත් කලක් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන (පිරිසිදු ඇඳුම් ඇඳගෙන ගියාම බහින්න වෙන්නේ නම් ගරාජයේ බාස් කෙනෙක් වගේම තමයි) ගමන් බිමන් යන්න පුළුවන් වේවි...

:       0       33

ජනරළ Saturday, 28 September 2024 05:47 PM

විජිත්ගේ කතාව 100% ක් හරි. මටත් මහා බියක් දැනෙනවා... මේ වෙන දේවල් දකින කොට. හැබෑවෙමින් දිගහැරී යන සොඳුරු සුභ සිහිනය හිටි ගමන් අතර මග හෙනයක් පතිත වූවා හිස් මුදුනට කියලා නතර වෙයිද කියලා මහා අවිනිශ්චිත බවක් දැනෙනවා මේ වෙද්දී. මොකද එන්න එන්නම සතුරු ගහනය ඉහළ යමින් ඉන්න බව තේරෙනවා.

:       5       13

රාසික් Sunday, 29 September 2024 06:31 AM

විජිත්... ඔබගේ අදහස් හරි ඉහළයි.ඔහු සිතනවා නම් රටවැසියන් සියළුම දෙනාම එක සමානයි කියලා. ඔහුට ආදරෙයි කියල මම නම් කීයටවත් විශ්වාස කරන්නෙ නෑ. ඔබව මේ රටට ඉතාමත් වැදගත් කෙනෙක් ය. එම නිසාම ඔබගේ ආරක්ෂා ව ගැන මීට වැඩිය සිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

LD Events

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2533 9

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 742 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 2612 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘
2024 සැප්තැම්බර් මස 12 1922 17

2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.


තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්
2024 සැප්තැම්බර් මස 04 1668 5

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.


“සොබාදනවි” විවෘත වෙයි
2024 අගෝස්තු මස 28 1426 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site