IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති සහ තාක්‍ෂණ අංශයේ පීඨාධිපති භෞතික විද්‍යා මහාචාර්ය කාවිංග ආර්.කොස්වත්ත මහතා පෙරේදා(18) දා පැවසීය.

රත්නපුර හිදැල්ලන සීවලි මධ්‍ය විද්‍යාලයේ “නොනිමි 24” වාර්ෂික විද්‍යා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසුවේය.

විද්‍යාලයේ විද්‍යා අංශ සිසු දරුදැරියන් එක්ව නොනිමි 24 විද්‍යා දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි. සැමරුම් උත්සවයේ දී මහාචාර්ය කාලිංග ආර් කොස්වත්ත මහතා පැවසුවේ,

ඒ ඒ කාර්යයන් සඳහා පුහුණුව ලැබූ සුදුස්සන් වෙන වෙනම සමාජයේ සිය වගකීම් ඉටු කරන බවයි. වෛද්‍යවරු වෛද්‍යවරුන්ගේ කාර්යයත්, ඉංජිනේරුවන් ඉංජිනේරුවන්ගේ කාර්යයත්, අනෙකුත් විද්‍යාර්ථින් තමන්තමන්ට අයිති වගකීම් හා කාර්යයන් ඉටුකළයුතු බවත් මහාචාර්යවරයා කීවේය. එහෙත් විශ්ව විද්‍යාලයේ වෙනත් වෘත්තීය සුදුසුකම් ලැබු බව කියන බොහෝ දෙනෙක් අද උපකාරක පන්ති දමාගෙන උසස් පෙළ සිසුදරු දැරියන්ට උගන්වන බව ද කීවේය.

උසස් පෙළ හදාරා තාක්‍ෂණවේදීන් ලෙස රටට සුවිශාල සේවයක් ඉටුකළ හැකි විද්‍යාර්ථින් වන්නට සබරගමු සරසවියේ තාක්‍ෂණ පිඨයට ඇතුල් වෙන්න අදිටන් කරගන්නැයි ද සිසු දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ විදේශ අධ්‍යාපන අංශයේ අධ්‍යක්‍ෂ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා සහ හිටපු ඵලාත් අධ්‍යාපන අධ්‍යාක්‍ෂ ඩබ්.එම්.ගුණතිලක යන මහත්වරුද උත්සවයේ විශේෂ ආරාධිතයන් විය. විද්‍යා අංශ ප්‍රධානී ඒ. ඉන්ද්‍රා මාලනී මහත්මිය ප්‍රධාන උසස් පෙළ විද්‍යාල අංශයේ ආරාධනයෙන් කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ද විදුහල්පති රොෂාන් වෙදගේ මහතා ද ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. 



අදහස් (1)

තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි

ලසා Sunday, 20 October 2024 04:55 PM

තාක්ෂණ උපාධිධාරීන්ට ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නැහැ. ඒ නිසා රජය ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

LD Events

තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි
2024 ඔක්තෝබර් මස 20 147 1

ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද


ශ්‍රී අමර මහා විහාරයේ නව චෛත්‍යයට කොත් පැලඳවීමේදී..
2024 ඔක්තෝබර් මස 17 99 0

ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ


සඳලංකා සිරි සුහුරු පියස සිසු අයිතියට
2024 ඔක්තෝබර් මස 17 974 0

දිවංගත සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ ආරම්භ කරන ලද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිති කර ගනිමින් එම ව


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 11162 3

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 846 2

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 2731 7

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 516 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site