IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ

(බී.ජී. චතුරංග)

විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්භ කෙරිණි. 

උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති ,තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ , විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන  මහත්වරු  ආලෝක පූජාව විවෘත කලහ.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , රුවන් විජයවර්ධන , ජනාධිපති උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන , පී හැරිසන් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් වූහ. 

ඉන් අනතුරුව දහම් පාසල් සිසුන් ඉදිරිපත් කරන බැති ගී සංදර්ශනය සහ එය අවසානයේදී  එම සිසුන්ට වටිනා  ත්‍යාග සහ සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.

තන්තිරිමලේ ආලෝක පූජාව හෙට (22) සහ ලබන (23)  යන දිනවලදී ද පැවැත්වේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (0)

ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ

ඔබේ අදහස් එවන්න

LD Events

තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්
2024 සැප්තැම්බර් මස 04 1550 5

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.


“සොබාදනවි” විවෘත වෙයි
2024 අගෝස්තු මස 28 1387 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ


දිය කැපීමේ මංගල්‍යය
2024 අගෝස්තු මස 20 747 0

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි .


නීති සිසුහු ජනපති හමුවෙති
2024 අගෝස්තු මස 07 1813 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය


ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති
2024 අගෝස්තු මස 05 1675 1

කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍ර‍ධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහා


ක්‍රිකට් කණ්ඩායමෙන් පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව
2024 අගෝස්තු මස 05 4771 2

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වීවදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සං


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site