(බී.ජී. චතුරංග)
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක , මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , තන්තිරිමලේ රාජමහා විහාරාධිපති ,තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ආලෝක පූජාව විවෘත කලහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , රුවන් විජයවර්ධන , ජනාධිපති උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන , පී හැරිසන් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
ඉන් අනතුරුව දහම් පාසල් සිසුන් ඉදිරිපත් කරන බැති ගී සංදර්ශනය සහ එය අවසානයේදී එම සිසුන්ට වටිනා ත්‍යාග සහ සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
තන්තිරිමලේ ආලෝක පූජාව හෙට (22) සහ ලබන (23) යන දිනවලදී ද පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්
2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (20) සුභ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදුකෙරුණි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ