IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති

(යොහාන් භාසුර)

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය හෙට (14) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය හෙට මහ ඉහළින් සමරති.

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති’ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින්  මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති.

‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ.  

මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වන බවත් තෛපොංගල් උත්සවය තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමණය ආරම්භ වන බවටත් විශ්වාසයක් පවතී.

ඒ අනුව ‘තෛපොංගල්’ උත්සවය නෙුවෙන් ආන්දර් ප්‍රදේශය, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් ද වේ.

‘භෝඝි’ ලෙස හදුන්වන ‘තෛපොංගල්’ උත්සවයේ පළමු දිනයේ හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර සහ රෙදිපිළි පු`ඵස්සා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර ‘තෛපොංගල්’ දින පෙරවරුවේ උක් ගස්වලින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.‘

 ‘පොංගල්’ ලෙස හදුන්වන දෙවැනි දින අලුත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිළි ආදියෙන් හිරු දෙවියන් පිදීම ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.

(ඡායාරූප: ළහිරු හර් ෂණ)

 

 



අදහස් (0)

දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති

ඔබේ අදහස් එවන්න

 

 

LD Events

දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති
2025 ජනවාරි මස 13 516 0

තෛපොංගල් උත්සවය හෙට (14) පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හින්දු බැතිමතුන් බොහෝමයක් පිටකොටුවට අද(13) පෙරවරුවේ පැමිණ සිටියහ.


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 13 3684 1

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.


පළමු දුම්රිය සේවයට වසර 160ක් සපිරේ
2024 දෙසැම්බර් මස 27 952 5

කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත


එංගලන්තයේ කේක් ප්‍රදර්ශනයෙන් ලක් දියණියට තෙවන තැන
2024 දෙසැම්බර් මස 18 902 0

එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නාන


යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’
2024 දෙසැම්බර් මස 06 3665 19

ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .


චීන ආහාර සැණකෙළියෙන් ..
2024 දෙසැම්බර් මස 05 268 2

’’චීන ආහාර සැණකෙළිය’’ අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 196 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 544 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 295 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site