(කවිදු දිල්ෂාන් සහ ගයාන් තිවංක)
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ "සමන් කියයි 2" ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ "චොකොහොලික් හීන" සහ ඇයගේ පුත්‍රයා වන තරුසර පෙරේරා ලියූ "Black Dragon - කළු මකරා" යන කෘති ත්‍රිත්වය දොරට වැඩීමේ උත්සවයක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයෙහි දී ඊයේ(12) පැවැත්විණි.
එක ම පවුලක පරම්පරා තුනක රචකයන් මෙම කෘති ත්‍රිත්වය රචනා කිරීම මෙහි විශේෂත්වය යි.
තරුසර පුතණුවන් ලියූ කළු මකරා කෘතිය එහි දී සුපවේදිනී අනෝමා විජේතුංග මහත්මියගේ විශේෂ ඇගයීමට ලක් විය.
එම කෘතිය සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් ම රචනා කර තිබීමෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අවම දරුවන්ට ද එය කියවීමෙන් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ගත හැකි බව ඇය පැවසී ය.
ඔහුගේ සීයා සහ අම්මා ද පොත්පත් රචනා කිරීම ඔස්සේ එම ලේඛක පසුබිම දරුවාගේ ලේඛන ජිවිතයට දැඩි රුකුලක් වී ඇති බව ඇය වැඩි දුරටත් කියා සිටියා ය.
තරුසර පුතණුවන්ගේ සියා වන සමන් අතාවුදහෙට්ටි මහතාගේ සමන් කියයි 2 කෘතිය පිළිබඳ අදහස් දැක් වූ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසූයේ එම කෘතියෙහි විශේෂත්වය ඇත්තේ එහි උත්ප්‍රාසාත්මක භාෂා විලාසයේ බව ය.
ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි මහත්මිය ලියූ කෘතිය ද උත්සවයට පැමිණ සිටි විද්වතුන්ගේ ඇගයීමට ලක් විය.
ඒ අනුව "තුන් පරපුරක තුන් පොත් රෑණ" නමින් පැවැත් වූ මෙම උත්සවය සඳහා පැමිණ සිටි අනෙකුත් විද්වතුන් වූ ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් දත්තා, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, වෛද්‍ය හෙමන්ත පෙරේරා යන මහත්ම මහතමීහු එහි දී අදහස් දැක්වූහ.
නදික ගුරුගේ, සඳනි විජේතුංග හා රෙහාන් විතානගේ ඇතුළු පිරිස ගායනයෙන් උත්සවය වර්ණවත් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර
දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’
බකල ජයා Thursday, 13 March 2025 12:38 PM
දුවටයි, මුණුබුරාටයි අහවලත් එක්ක ෆොටෝ එකට නොඉන්න තරම් ආත්ම ගෞරවයක් තිබිලා තියෙනවා. සමන්ට ඕක නොකර ඉන්න බෑනේ. බිමල්ව ගෙන්නාගෙන වටිනාකමක් ගන්න. ඔන්න බජාගේ පොටෝ කියැවිල්ල....