((සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවාසයක් ලබාදීමට මැදිහත් වන බව නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු තමාට පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
එම පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.