IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති

 


ඉන්දික හේවාවිතාරණ


ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන  නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

මේ නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසයි.   දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බව කී ඔහු සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බව ද සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වනවිට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත මහතා පැවසීය.

ඉන්දීය ධීවරයන් නීති විරෝධී දැල් භාවිත කර මසුන් අල්ලා ගැනීමට කටයුතු කරන නිසා කොරල්පරවලට හා මත්ස්‍ය පැටවු බෝවන ස්ථානවලට දැඩි ලෙස හානි සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

රතු දැල්ලා නමැති මත්ස්‍ය විශේෂයේ බෝවීම වැඩි වශයෙන්  සිදුවන ත්‍රිකුණාමලයට ආසන්න මුහුදු ප්‍රදේශය ද මේ වනවිට හානියට පත් වී තිබෙන නිසා එම මත්ස්‍ය වර්ගය හිඟ වී ඇතැයි ඒ මහතා පැවසීය.

උතුරු මුහුදේ මත්ස්‍ය බෝවීම අඩු වීමෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවරයන්ට දැඩි බලපෑම් සිදුව තිබෙන බවද අරුණ රොෂාන්ත කීය.

ඉන්දීය ධීවරයන් විශාල යාත්‍රා යොදාගෙන යකඩ කැබලි සවිකළ දැල්වලින් මත්ස්‍ය සම්පත නෙළා ගැනීම නිසා මෙරට ධීවරයන් මුහුදේ එළන දැල්වලට පවා දැඩි හානි සිදුවන බවද හෙතෙම පැවසීය.

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් පලවා හැරීම හා අත්අඩංගුවට ගැනීම සිදුකරන බවත්, මේ වසරේ ගෙවීගිය කාලයෙහි දී  ඉන්දීය ධීවර යාත්‍රා 46ක් සහ ධීවරයන් 341ක් අත්අඩංගුවට ගෙන තිබෙන  බවද සඳහන් කළේය.



අදහස් (0)

ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති

ඔබේ අදහස් එවන්න

ජයාරූප

රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 179 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 232 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 141 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 383 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 102 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 363 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site