IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි

උපුල් වික්‍රමසිංහ

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වෙන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ පසු 2025 වසරේ දී රජයට රුපියල් කෝටි 4,200 ක පමණ බදු ආදායමක් අහිමි විය හැකි බවත් දැනට එම බදු ගෙවන පිරිස තවත් ලක්ෂ එකහමාරකින් පමණ අඩු විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ලක්ෂ 80ක් (හැත්තෑ අට ලක්ෂ තිස් අට දහස් හත් සියය අනූ තුනක්) පමණ වෙන රටේ මුළු ශ්‍රම බළකායෙන් බදු දැලට හසු වෙන පිරිස ලක්ෂ 8 ක් පමණක් බවට ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූ අතර ඒ සම්බන්ධව කළ විමසීමේ දී මහාචාර්යවයා මේ බව සඳහන් කළේ ය.

අප මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේ දී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ශ්‍රම බළකායේ කොපමණ පිරිසක් සිටිය ද මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂය නොඉක්මවන්නේ නම් ඔවුන් ආදායම් බදු ගෙවීමට යටත් නොවන බවත් අප්‍රේල් සිට උපයන විට ගෙවීමේ බදු අය කරන ආදායම් සීමාව වැඩි කළ පසු බදු ගෙවන පිරිස තවත් අඩු විය හැකි බවත්ය. 

මේ වෙනවිට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංක (TIN) ලක්ෂ 70 ඉක්මවන ප්‍රමාණයක් නිකුත් කර ඇති බව කී එම නිලධාරියා ඒවායෙන් එක් එක් පුද්ගලයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් හඳුනා ගැනීමෙන් පසුව බදු ගෙවන්නන් වශයෙන් ලියාපදිංචි කරන බවත් ටින් අංකයක් ලබා ගන්නා සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු බව එයින් අදහස් නොවෙන බවත් පැවසීය.

ලංකාවේ මාසික ආදායම රු. ලක්ෂය ඉක්මවා උපයන පිරිස අඩු ප්‍රමාණයක් බව කී මහාචාර්යවරයා 2022 අවසන් වෙන විට උපයන විට ගෙවන බදු ගෙවා ඇති පිරිස 41,636 ක් යැයි ද එම බදුවලට 2023 දී ගෙනා සංශෝධන අනුව බදු ගෙවූ ප්‍රමාණය එම වසරේ දී 242,679 දක්වා වැඩි වී යැයි ද කීවේය.

උපයන විට ගෙවීමේ බදුවලින් රජයට 2023 දී රුපියල් බිලියන 144 ක් ද 2024 දී රුපියල් බිලියන 197 ක් ද ලැබී ඇති බවත් 2025 වසර සඳහා එම බදුවලින් රජය රුපියල් බිලියන 156 ක ආදායමක් අපේක්ෂා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. මේ අනුව අඩු වෙන ආදායම රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 4200 ක් වෙන බවත් ඔහු කීවේය.

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවීමේ බදුවලට යටත් මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වාත් වාර්ෂික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 12 සිට 18 දක්වාත් ඉහළ නංවනු ලබයි.

 

 

 



අදහස් (0)

උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ජයාරූප

ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති
2025 අප්‍රේල් මස 12 110 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය



කැබිනට් අනුමැතිය ලැබුණොත් සෝලා විදුලිය හාන්සියි
2025 මාර්තු මස 29 451 0

අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම


උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි
2025 මාර්තු මස 22 321 0

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වෙන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ පසු 2025 වසරේ දී රජයට රුපියල් කෝ


පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කළාට පසු මනත්‍රි වරු අඩුවෙන් කති 2023 දී වියදම කෝටි 23ක්
2025 මාර්තු මස 17 328 0

දෛනික ආහාර මිල රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


ඉඩම් බලෙන් අල්ලාගත් හිටපු ඇමතිවරු රැසක් ගැන පරීක්ෂණ
2025 මාර්තු මස 10 384 0

රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 98 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 222 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site