IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කෘත්‍රිම සහල් හිඟයක් ඇති කිරීමෙන් සහල් මිල ඉහළට

 

 


ඉන්දික හේවාවිතාරණ


මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ.  ඇතැම් මෝල් හිමියන් නාඩු සහල් නිකුත් කිරීම පසුගිය 08 වැනිදා සිට නතර කර ඇති බවද දැනගන්නට ලැබේ

සහල් සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාර්තාවක්ද කැඳවා ඇත. නත්තල් සමයේදී හා වර්ෂාවසාන උත්සව කාලයේදී සහල් ඉල්ලු‍ම ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

මේ අනුව සහල් හිඟයක් ඇති කර සහල් මිල ඉහළ දමා ගැනීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවට වාර්තා වෙයි. පසුගිය කාලයේදී කීරි සම්බා සහල් හිඟයක් ඇති කර අධික මිලකට සහල් අලෙවි කරනු ලැබිණ.

මේ අනුව කීරි සම්බා සහල් කිලෝවක  පාලන මිල  රුපියල් 260 ක් බවට පත් කර තිබියදී පසුගිය කාලයේදී රුපියල් 360 ක් දක්වා මිලකටද ඇතැම් ප්‍ර දේශවල අලෙවි කරනු ලැබීය.අලෙවිය අඩු වීම නිසා කීරිසම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 260 කට අලෙවි කිරිමට මෝල් හිමියෝ කටයුතු කරති.

නාඩු සහල් ඉල්ලු‍ම ඉහළ ගොස් තිබෙන නිසා නාඩු සහල් මිල ඉහළ දමා ගැනීම සඳහා කෘත්‍රිමව නාඩු සහල් හිඟයක් ඇති කර තිබෙන බවට ගොවි සංවිධාන හා සහල් අලෙවි කරන පිරිස් චෝදනා කරති. දෛනික සහල් අවශ්‍යතාවෙන් සියයට හැටපහත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් නාඩු සහල්වලින් සම්පූර්ණ කර ගන්නා බව වාර්තා වේ.

මේ වන විට වෙළෙඳ පොළේ පවතින සහල් හිඟය මහ පරිමාණ මෝල් හිමියන් විසින් කෘත්‍රිමව මවාපාන ලද්දක් බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. මේ වසරේ මාර්තු හා පෙබරවාරි මාසයේදී හා සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල ලැබුණු අස්වැන්න ලබන වසරේ අප්‍රේල් වන තුරු  සහල් අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට ප්‍රමාණවත්  බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.

සහල් හිඟයක් මවා පා ඇතැම් ව්‍යාපාරිකයන් විදේශ රටවලින් සහල් ගෙන්වීමට උත්සාහ කරමින් තිබෙන බවද හෙතෙම පැවසීය. යම් ලෙසකින් සහල් රටින් ගෙන්වීමට කටයුතු කළ හොත් මෙවර මාස් කන්නයේ වී වගා කර තිබෙන ගොවිපවුල් ලක්ෂ 18 කට අස්වැන්න නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වන බවද ඔහු සඳහන් කළේය.

මාස් කන්නයේ අස්වැන්න ලබන පෙබරවාරි මාසයේ සිට වෙළෙඳ පොළට පැමිණිමට නියමිතය.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබුණ වී අස්වැන්න පමණක් සලකා බැලුූ විට රට තුළ පවතින වී සංචිත ප්‍රමාණය අනුවනිපදවිය හැකි සමස්ත සහල් ප්‍රමාණය මේට්‍රික්ටොන් විසි අට ලක්ෂ හැත්තෑපන් දහසක් වන අතර එය වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවද ඉක්මවූවක් බවත් එකී ප්‍රමාණයෙන් ලබන වසරේ  අප්‍රේල් අග වන තුරු සහල් අවශ්‍යතාව සම්පූර්ණ කර ගත හැකි බවත් අනුරාධ තෙන්නකෝන් පවසයි.

වෙළෙඳපොළෙහි මේ වන විට නාඩු සහල් හිඟයක්  පවතින අතර එය කිසිසේත්ම වී හිඟයක් මත සිදුවූ දෙයක් නොවන බව එක්සත් සහල්  නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. 2023/2024 මහ කන්නයේ මෙන්ම 2024 යල කන්නයේද ප්‍රශස්ත මට්ටමින් වී වගාව සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ සහල් පරිභෝජනයට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් මෙම වසර තුළ සිදුවී තිබෙන බව ද එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. 

සහල් නිෂ්පාදකයන් කණ්ඩායමක් සහ වී තොග රුස්කරන්නන් කණ්ඩායමක් විසින් නාඩු වී තොග, ගබඩා තුළ රඳවාගනිමින් ව්‍යාජ ලෙස නාඩු වී හිඟයක් රට තුළ  නිර්මාණය කර තිබෙන බවට වාර්තා වන බවද ඔහු පවසා සිටියේය.

 



අදහස් (0)

කෘත්‍රිම සහල් හිඟයක් ඇති කිරීමෙන් සහල් මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

ජයාරූප

පාර්ලිමේන්තුව පිරිසිදුයි මාලිමාව ඉතිහාසයේ දැවන්තම ජය ලබයි
2024 නොවැම්බර් මස 18 143 0

පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය


කෘත්‍රිම සහල් හිඟයක් ඇති කිරීමෙන් සහල් මිල ඉහළට
2024 නොවැම්බර් මස 11 145 0

මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් මෝල් හිමිය


හෝටල්වල සංග්‍රහ පැවැත්වූ අයගේ මන්ත්‍රී පදවි අනතුරේ ?
2024 නොවැම්බර් මස 04 184 0

ජනතාව විශාල වශයෙන් තරු හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අ


විදෙස් බුද්ධි තොරතුරු විපරමට බලඇණි තුනක් පැය 24ම සීරුවෙන්
2024 ඔක්තෝබර් මස 28 211 0

රටේ ආරක්ෂාවට විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි ම


හැදුනුම්පත්, උප්පැන්න සහතික ,විභාග ප්‍රථිපල සමාජ මාධ්‍යවල දාන්න එපා
2024 ඔක්තෝබර් මස 21 245 0

ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල යනාදී ලේඛනවල ඡායාරූප සහ විස්තර ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ


ලොක්කන් 13 ක ගේ එතෙර ගිණුම් පරික්ෂා කරයි
2024 ඔක්තෝබර් මස 14 490 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site