දුමින්ද සංජීව බාලසූරිය
ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලික කටයුතු රජය සිදුකර ඇතැයි ‘ඉරිදා ලංකාදීප’යට වාර්තාවෙයි.
අසාද් මවුලානා විසින් චැනල් ෆෝ නාළිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශය හා පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ.
අසාද් මවුලානාට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රධාන බාධාවක්ව තිබූ ඔහුට එරෙහි ගුවන් ගමන් තහනමද මේ වන විට ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම, ස්විට්සර්ලන්තයේ සරණාගතභාවයේ රැඳී සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට අසාද් මවුලානාට නීත්‍යනුකූලව ඉඩකඩක් ස්විට්සර්ලන්ත රජයේ පාර්ශ්වයෙන් ද නොමැති නිසා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩකඩ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම
දිවයිනේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් වසම් හඳුනාගෙන එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 400 ක් පමණ අනුයුක්ත කර ඇත
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20ක විදුලිබිල අඩුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන විද
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Ta
කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ විවාහ වීම් හා දරුවන් හැදීම කල්දැමීම නිසා මුළු සඵලතා අනුපාතය (බිහි කරන දරුවන් ප්‍රමාණය) කැපී පෙනෙන අඩු වීමක් පෙන
කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම මගින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇතිය යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙන බවත් ආයෝජකයන්ගේ ආදායම්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
චැනල් 4 හා පාස්කු ප්‍රහාරය ගැන අහන්න මවුලානා ගෙන්න සියල්ල සුදානම්