IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක

සුජිත් හේවාජුලිගේ 
දූෂණ, වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දේශපාලන පක්ෂ රැසක් අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ. මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අය ද සිටින බව දැනගන්නට ඇත.
ජාතික ජන බලවේගය විද්වතුන් ඇතුළු දේශපාලනයට අලු‍ත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන හෙයින් එම අපේක්ෂකයන් සමග තරග වැදිය හැකි අලු‍ත්ම පිරිසක් ඉදිරිපත් කළ යුතු බවට විවිධ පාර්ශ්ව විසින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයන්ට දැනටමත්  යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම අපේක්ෂකයන්ගේ පසුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඒ පිළිබඳ වාර්තා ලබා ගැනීමට නියමිතය.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඒ බව සිය පක්ෂවලට දැනුම්දී ඇත. මින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අය වෙති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුළු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විමලවීර දිසානායක අප සමග පැවසුවේ තමා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ආර්ථික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ද  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමා විශ්‍රාම දිවියක් ගත කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක් දැනටමත් එම පක්ෂය සමඟ සම්බන්ධවී ඇත. පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 11 දක්වා සිදු කෙරේ.

 



අදහස් (0)

චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ලොක්කන් 13 ක ගේ එතෙර ගිණුම් පරික්ෂා කරයි
2024 ඔක්තෝබර් මස 14 308 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධය


චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක
2024 ඔක්තෝබර් මස 07 482 0

දූෂණ, වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දේශපාලන ප


මහ ඡන්දෙට විපක්ෂයෙන් සන්ධාන රැසක්
2024 සැප්තැම්බර් මස 30 162 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මවා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික


50% පළමු වතාවට කාටවත් නැති වෙයි?
2024 සැප්තැම්බර් මස 21 359 0

වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂක​ෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිප


රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 312 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 282 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site