ධුරයේ වැඩ හරියට නොකරන්නේ නම් දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන ඇතුළෙ සාකච්ඡා
තිඹිරියාගම බණ්ඩාර
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම ඇතුළු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇති චෝදනා ගැන ඉකුත් 6 වැනිදා නීතිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ධුරයේ කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නම් තවදුරටත් ධුරයේ රැඳී සිටීම යුක්තිසහගත නොවන බවට ජනාධිපතිවරයා තදින් අවධාරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිපතිවරයා තවදුරටත් ධුරයේ කටයුතු නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී ඇති බව ද තතු දත් ආරංචි මාර්ග කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී චෝදනා මුඛයෙන් කතා කර ඇති බව ද පැවසේ. නීතිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමේ පටිපාටිය පිළිබඳ කරුණු දක්වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසන්නේ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර නීතිපතිට එරෙහි චෝදනා ගොනු කිරීම ඒ සඳහා ඇති ක්‍රියාමාර්ගය බව ය.
නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටික පනත 2002 අනුව කටයුතු කිරීම නීතිපති ඉවත්කිරීමේ එක ම ක්‍රියාමාර්ගය බව නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා ද පවසයි. පනත ප්‍රකාරව පත් කෙරෙන තේරීම් කාරක සභාව මගින් කෙරෙන නිර්දේශ කථානායකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු දෝෂාභියෝගයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙන බව ඔහු සඳහන් කරයි.
නීතිපතිවරයාගේ ක්‍රියා පිළිවෙතට එරෙහි ව ඉකුත් 6 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍ය සංවිධාන විසින් “නීතිපති ඉවත්වනු” මැයෙන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලද අතර ජනාධිපතිවරයා නීතිපති කැඳවා ඇත්තේ එදින සවසය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ ව බලය අයුතු ලෙස යෙදවීම හා නොසලකා හැරීම යනාදී කරුණු අනුව නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය වෙතද ලිපියක් යොමු කර තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පාලන සමයෙහි නීතිපති සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ නමුත් ජනාධිපතිවරිය ඔහු අගවිනිසුරු හැටියට පත් කිරීම නිසා එය වැළැක්විණ. මේ අතර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය තමාට එවූ ලිපියට ඉදිරි දිනෙකදී පිළිතුරු ලිපියක් යොමු කරන බවත් ය.
රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආ
ජාත්‍යන්තර නීතියේ එන අන්‍යෝන්‍ය නීති ආධාර (Mutual Legal Assistance - MLA) නමැති සංකල්පය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව විමර්ශනය
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 16 ක් වාර්තා වී තිබූ අතර ඉන් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම වෙඩි තැබීමේ සිද්
අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මැති ඇමතිවරුන්ගේ නිවාස තක්සේරු කිරීමේදී 2022මැයි 9 වැනි දිනය වෙනුවට 2023 වසරේ දිනයක් අදාළ දිනය (Relevant Date) ලෙස සලකමින් එම නිවාස
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම ඇතුළු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇ
ශ්රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපති නීතිපතිට තදින් හිටියි