IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 දා 2019 දී අපේක්ෂකයන් 35 ක් මෙවර කීයද?

 


උපුල් වික්‍රමසිංහ


සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ  කිහිපයක අපේක්ෂකයන් පස් දෙ​ෙනකු මේ වෙන විටත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔවුන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කර තිබේ.

අගෝස්තු මස 15 වැනි දින නාමයෝජනා භාර ගන්නා බව ද සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පවත්වන බව ද දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 26 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබූ අතර එදිනම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇප මුදල් තැන්පත් කිරීම විශේෂත්වයක් විය. එමෙන්ම පසුගිය 26 වැනිදා සවස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ජනාධිපතිවරයා ඇතුළුව අපේක්ෂකයන් 4 දෙනකු එදින වෙන විට ඇප තැන්පත් කළ බවය. ඒ අනුව හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් (ස්වාධීන), ඒ. එස්. පී. ලියනගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවර‌යෙකු වූ සරත් කීර්තිරත්න (ස්වාධීන) යන අය එසේ  ඇප තැන්පත් කළ බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, සර්ව ජන බලය සන්ධානයෙන් ව්‍යවසායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ව්‍යවසායක ධම්මික පෙරේරා, ජන අරගල සන්ධානයෙන් අපේක්ෂකයෙකු සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙකු වශයෙන් තවත් අපේක්ෂකයන් කිහිපදෙෙනකු ගැන සාකච්ඡාවක් තිබුණ ද සිකුරාදා (26) සවස් වෙනවිටත් ඔවුන්ගේ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට (29) දින එම පක්ෂය තීන්දුවක් ගැනීමට නියමිත බව පත්‍රය මුද්‍රණය වෙන අවස්ථාව වෙද්දී දැනගන්නට ලැබිණි. මේ අතර සර්ව ජන බලය සන්ධානයේ අපේක්ෂකයා අගෝස්තු 04 දින ප්‍රකාශයට පත්කෙරෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

නාමයෝජනා භාර දීමට පෙර පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් 50,000 ක් ද සෙසු අපේක්ෂකයන් රුපියල් 75,000 ක මුදලක් ද ඇප වශයෙන් තැන්පත් කළ යුතු බවත්, පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා ලබන අපේක්ෂකයන් හැර සෙසු අපේක්ෂකයන් ඇප මුදල් භාර දීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට හෝ මන්ත්‍රීවරයෙකුව සිට බවට හෝ පාර්ලිමේන්තු මහලේකම්රයාගේ අස්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්ය බවත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ. නාමයෝජනා භාර ගන්නා දිනය වෙනවිට අපේක්ෂක ලැයිස්තුව තවත් දිගු වීමට ඉඩ ඇත.

1982 සිට 2019 දක්වා ජනාධිපතිවරණ අටක් පවත්වා ඇති අතර වැඩිම අපේක්ෂකයන් ගණනක් තරග කළේ 2019 ජනාධිපතිවරණයේදී ය. එම මැතිවරණයේ දී අපේක්ෂකයෝ 35ක් තරග කළහ. 

1982 ඔක්තෝබර් 20 වැනි දින පැවති පළමු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 6 ක් තරග කළහ. එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එච්. එස්. ආර්. බී. කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, අකිල ඉලංගෙයි දෙමළ කොංග්‍රසයේ ජී. ජී. පොන්නම්බලම්, ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ නව සම සමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන අය තරග කළහ. 1988 දෙසැම්බර් 19 වැනි දින පැවැති දෙවැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ තුන් දෙනෙක් තරග කළහ. එක්සත් ජාතික පක්ෂයේ නායක රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඔසී අබේගුණසේකර යන අය ඉදිරිපත් වූහ.

1994 නොවැම්බර් 09 වැනි දින පැවැති තුන්වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 6 දෙනෙක් ද, 1999 දෙසැම්බර් 21 වැනි දින පැවති සිව්වැනි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ 13 දෙනෙක් ද, 2005 නොවැම්බර් 17 වැනි දින පවත්වන ලද පස්වැනි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 13 දෙනෙක් ද, 2010 දී පවත්වන ලද 6 වැනි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 22ක්ද 2015 දී පැවැති හත් වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 19 දෙනෙක් ද, 2019 දී පැවැත්වුණු අට වැනි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 35 දෙනෙක් ද තරග කළහ.



අදහස් (0)

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 දා 2019 දී අපේක්ෂකයන් 35 ක් මෙවර කීයද?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 198 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 130 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 364 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 97 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 361 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


2024 ජනාධිපතිවරණය ලක්ෂ 40ක් වැට උඩ බුද්ධි අංශ හෙළිදරව්වක්
2024 අගෝස්තු මස 02 268 0

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site