ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයෝ පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළහ.
ඇමෙරිකාව ලබා දී ඇති මාස තුනක සහන කාලයේ දී මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට රජයට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට විපක්ෂයේ සියලු පක්ෂ මෙහිදී එකඟ වූ අතර - දේශපාලන වේදිකාවල කෙබඳු අදහස් දැරුව ද මෙම අර්බුදයේ දී සියලු දෙනා එකතු වීම වැදගත් සිදුවීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.
ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළේය.
අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා රජයට අවශ්‍ය ඕනෑම ආකාරයක සහයෝගයක් ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි.
පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
පැය එක හමාරකට වැඩි කාලයක් පැවති මේ සාකච්ඡාව ඉතාම සුහද මට්ටමින් පැවති අතර, කාලයකට පසු රටේ ප්‍රධාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සියලු පක්ෂ එක්ව තීරණයක් ගැනීම ඉදිරි අර්බුදවල දී ද ඉතා හොඳ ප්‍රවේශයක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ජනාධිපතිවරයා මුණ ගැසී ඇති වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය
අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම
ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වෙන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ පසු 2025 වසරේ දී රජයට රුපියල් කෝ
දෛනික ආහාර මිල රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති