IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඩෙංගු රෝගීන් හැත්තෑ හයදහසක්

රෝගීන්ගෙන් 47.1%ක් බස්නාහිරින්

මරණ 46ක්

ඉන්දික හේවාවිතාරණ

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 76,086ක් වාර්තා වී තිබෙන අතර, ඩෙංගු නිසා පුද්ගල මරණ 46ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


ඩෙංගු රෝගය මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 54 ක අධිඅවදානම් මට්ටමින් පැතිර යන බවත්, පසුගිය නොවැම්බර් මාසය තුළදී ඩෙංගු 
රෝගීන් 7,593 ක් වාර්තා වී තිබෙන බවත්  ඔවුහු සඳහන් කරති.

ජනවාරි මාසයේදී  8,963ක්, පෙබරවාරි 6,763ක්, මාර්තු 6,419ක්, අප්‍රේල් 7,617ක්, මැයි 9,290ක් ජුනි  9,916ක්, ජූලි  7,369ක්, අගෝස්තු 5,189ක්, සැප්තැම්බර් 2,534ක්, ඔක්තෝබර් 4,010 ක් ලෙස මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. 


මේ වසරේ ජනවාරි 01වැනිදා සිට පසුගිය 30 වැනි දින දක්වා  වාර්තා වන රෝගීන් 76,086ක ප්‍රමාණයෙන් රෝගීන් 358,071 ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. ප්‍රතිශතයක් ලෙස සැලකූ විට එය 47.1%කි.


සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රෝගීන් 16,125 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,990 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44,692 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,583 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන්  3560 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3,018 ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,972 ක් වාර්තා වී තිබෙන අතර පොදුවේ සෑම දිස්ත්‍රික්යකින්ම රෝගීන් වාර්තා වී ඇත. පවතින වැසි තත්වය අනුව මදුරුවන් බෝවීම ඉහළ යා හැකි නිසා මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


මදුරුවන් බෝවන ස්ථාන තිබෙනවාද යන්න සොයා බැලීම අරම්භ කර තිබෙන බවත්, එම සොයා බැලීම්වලට අනුව මදුරු කීටයන් සිටින ස්ථාන හමුවුවහොත් අදාළ ස්ථාන අයත් පිරිස්වලට නීති මගින් කටයුතු කරන බවත් එම සංගමයේ ලේකම් එස්. අයි. බෝපිටියගේ මහතා මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

ඩෙංගු රෝගීන් හැත්තෑ හයදහසක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 197 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 130 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 364 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 97 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 361 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


2024 ජනාධිපතිවරණය ලක්ෂ 40ක් වැට උඩ බුද්ධි අංශ හෙළිදරව්වක්
2024 අගෝස්තු මස 02 268 0

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site