ගයාන් සූරියආරච්චි
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 16 ක් වාර්තා වී තිබූ අතර ඉන් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම වෙඩි තැබීමේ සිද්ධිවලින් 5 දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන් ම මිද්දෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකරනු ලැබූ වෙඩි තැබීමෙන් පියකු සහ අවුරුදු 6 සහ 9 වයස්වල පසුවන දරුවෝ දෙදෙනෙක් ද මිය ගියහ.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින ආරවුල් මත සිදු කළ වෙඩි තැබීම් සංඛ්‍යාව 10 ක් ලෙස වාර්තා වේ. එහිදී කළ වෙඩි තැබීම්වලින් 14 දෙනකු මියගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසයට වාර්තා වී ඇත.
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වේ.
ඉකුත් සති කිහිපයේ දී දෙහිවල, ගල්කිස්ස, කොහුවල, කලුබෝවිල, මිද්දෙණිය, ගාල්ල, කඹුරුපිටිය, සීදුව, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා විය. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ගනේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයකුට සිදු කළ වෙඩි තැබීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
ආසන්නතම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ලෙස වාර්තා වූයේ ඉකුත් 19දා රාත්‍රී 10.45 ට පමණ උස්වැටකෙයියාව, මෝගන්වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරයට පුද්ගලයකු රැගෙන විත් වෙඩි තබා ඝාතනය කිරීමය.
කෙසේ වෙතත් ඉකුත් 2024 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධි 103 ක් වර්තාවී තිබූ අතර එයින් 63 දෙනකු මියගොස් ඇත. එම මියගොස් ඇති පුද්ගලයන් අතරින් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති ආරවුල් මත වෙඩි තැබීම් 56 ක් සිදුවී ඇත. ඉන් 45 දෙනකු මියගොස් තිබේ. වෙනත් ආරවුල් මත වෙඩි තැබීම් සිද්ධි 47 ක් වාර්තා වී ඇත. එම වෙඩි තැබීම්වලින් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පසුගිය සති කිහිපයේ දී දිගින් දිගටම වෙඩි තැබීම් සහ ඝාතන සිදුවූ අතර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, අපරාධ කොට්ඨාස ඇතුළු ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මෙම ඝාතන රැල්ල පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂක කමිටු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසූයේ වැඩිකල් නොයා පාතාලය සහමුලින්ම අතු ගා දමන බවය.
එහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ ඉදිරියේ දී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක් කරමින් නවීන තාක්ෂණය ද උපයෝගී කරගෙන අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩි කරන බවය.
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පාර්ලිමේන්තුවේ දී පැවසූවේ එම සිද්ධිය ඇති වූයේ පොලිස් නිලධාරීන්ට අධිකරණය තුළට අවි ආයුධ ගෙන යෑමට අවස්ථාව නොලැබුණු නිසා බවය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම සිද්ධිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමිනි.
එහිදී ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් කීපයක් පසුගිය දිනවල සිදු වූ අතර අධිකරණ සංකීර්ණයේ සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවය.
රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආ
ජාත්‍යන්තර නීතියේ එන අන්‍යෝන්‍ය නීති ආධාර (Mutual Legal Assistance - MLA) නමැති සංකල්පය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව විමර්ශනය
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 16 ක් වාර්තා වී තිබූ අතර ඉන් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම වෙඩි තැබීමේ සිද්
අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මැති ඇමතිවරුන්ගේ නිවාස තක්සේරු කිරීමේදී 2022මැයි 9 වැනි දිනය වෙනුවට 2023 වසරේ දිනයක් අදාළ දිනය (Relevant Date) ලෙස සලකමින් එම නිවාස
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම ඇතුළු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇ
ශ්රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාතාලේ වෙඩි තැබීම්වලින් මාස දෙකට 16ක් මරුට