උපුල් වික්‍රමසිංහ
පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21 ක් ජයගත් ජාතික ජනබලවේගය ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය හැට අට ලක්ෂ හැට තුන්දහස් එකසිය අසූහයක් (6,863,186) විය. මෙය මෙතෙක් මහ මැතිවරණයකදී පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රමාණය වන අතර එහි ප්‍රතිශතය සියයට 61.56 කි.
මේ අනුව එම පක්ෂයට පාර්ලිමේන්තු ආසන 159 ක් හිමි වෙයි. එය පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව 7/10 ක දැවැන්ත බලයකි. මෙය දෙවැනි වන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂය ලබාගත් 5/6 ක පාර්ලිමේන්තු බලයට පමණි.
එසේම සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදුන් පසුව තනි පක්ෂයක් හෝ කණ්ඩායමක් මහ මැතිවරණයකදී ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය වෙයි. එසේම මැතිවරණ කොට්ඨාස 160 න් 152කම ජය හිමි කර ගැනීමටද ජාතික ජනබලවේගය සමත් විය. සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයගැනීමටද ඔවුහු සමත් වූහ.
මෙවර මැතිවරණයේ දෙවැනි ස්ථානයට පත්වූ සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය දහනව ලක්ෂ හැටඅට දහස් හත්සිය දහසයක් (1,968,716) වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66කි. මේ අනුව ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමටද ජාතික ජනබලවේගය සමත් විය. එය වැඩි ඡන්ද හතළිස් අට ලක්ෂ අනූහතර දහස් හාරසිය හැත්තෑවක් (4,894,470) විය. එය ප්‍රතිශතය අනුව දෙවැනි ස්ථානයට පත් සමගි ජනබලවේගයට වඩා සියයට 43.9 ක වෙනසකි.
මීට පෙර මහ මැතිවරණයක ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය වාර්තා කර තිබුණේ 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයයි.
එය වැඩි ඡන්ද 4,081,710 ක් විය. ප්‍රතිශත වෙනස සියයට 35.19කි. මඩකලපු දිස්ත්‍රික්කයේ ජය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය දිනාගත් අතර ජාතික ජනබලවේගය ජයග්‍රහණය නොකළ එකම මැතිවරණ දිස්ත්‍රික්කය එයයි.
මෙවර මහමැතිවරණයේ දී පිරිසිදු පාර්ලිමේන්තුවක් බිහි කිරීමට ඡන්දය දෙන්නැයි ජාතික ජනබලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා උපරිම බලය ජනතාව විසින් ජාතික ජනබලවේගයට ලබා දී තිබේ.
පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය
මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් මෝල් හිමිය
ජනතාව විශාල වශයෙන් තරු හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අ
රටේ ආරක්ෂාවට විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි ම
ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල යනාදී ලේඛනවල ඡායාරූප සහ විස්තර ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව පිරිසිදුයි මාලිමාව ඉතිහාසයේ දැවන්තම ජය ලබයි