IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි

පද්මිණී මාතරගේ 
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති  ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බලතල පැවැරෙන, සියලු‍ම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අලු‍ත් ව්‍යවස්ථාවක් ගැන දැඩිව අවධාරණය කර ඇත. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26දා උදේ 10.00ට තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී උත්සවාකාරයෙන් එළිදැක්වීමට නියමිතය.

යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණය නතර කිරීම සහ ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛත්වය ලබාදී තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර 40ක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගතව ඇති අතර ,  ”‍පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්”‍ යන තේමාව යටතේ මෙය ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා “ඉරිදා ලංකාදීපයට”‍ පැවසීය.  
රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සකස් කිරීම පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්  අවධානය යොමු කරමින්, කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ධීවර, වැවිලි සහ ආයෝජන යනාදී ක්ෂේත්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න අවධාරණය කර ඇත.
තාක්ෂණය භාවිතයට ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ගමනාගමනය වැනි මහජන සේවා ජනතාවට වාසිදායක සහ යහපත් සේවා බවට පත් කිරීම, දිළිඳු ජනතාවට සහන ලබා දීම ඇතුළු කරුණු ගණනාවක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබේ.
මීට අමතරව කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්තිද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත කර ඇති බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඉරිදා ලංකාදීපයට වැඩිදුරටත් පැවසීය. ජාතික ජනබලවේගයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 26 වැනිදා  පෙරවරු 10.00ට, කෝට්ටේ “මොනෑක් ඉම්පීරියල්”‍ හෝටලයේදී එළිදැක්වීමට නියමිතය .

 



අදහස් (0)

මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 179 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 232 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 141 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 383 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 102 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 363 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site