IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්

උපුල් වික්‍රමසිංහ
ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම සහිත කණ්ඩායමක් පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවය. එම කණ්ඩායම ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ආයතන සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් මැතිවරණ නීති උල්ලංඝනය කරන ගැටලුසහගත පෝස්ට් ඉවත් කිරීමට අදාළ වැඩපිළිවෙළක් මේ වෙනවිටත් සකස් කරමින් සිටින බව ද සභාපතිවරයා හෙළි කළේය.

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීමෙන් පසු එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රත්නායක මහතා පැවසීය. මේ අතර පසුගිය 09 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවක් අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මහත්මිය පැවසී යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසමට ලැබී ඇති බැවින් ජනාධිපතිවරණ කාලසීමාවේදී ඒ සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු ව ඇති බවත් එහිදී ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඇය පවසා තිබුණි. 
එම සමාජ මාධ්‍ය ජාල හිමි ආයතන සමග සෘජු සබඳතා පවත්වා ගෙන යන බව ද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව මේ දක්වා මැතිවරණ කොමිසමට කොපමණ පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්දැයි දැනගැනීමට අප ආටිගල මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
ඉකුත් 08 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියේ ජූලි 31 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැමිණිලි 157 ක් ලැබී තිබුණු බවය.

 



අදහස් (0)

මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 179 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 232 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 141 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 383 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 102 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 363 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site