මහජන උපයෝගීතා කොමිසම තුන්වතාවක් ලිඛිතව දැනුම් දීලා
උපුල් වික්‍රමසිංහ
මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතු වුවත් මේ දක්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමට යොමු කරන ලෙස දන්වමින්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවස්ථා තුනකදී සිහිකැඳවීම්
ලිපි ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කළ ද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.
2023 වසරේදීත් 2024 වසරේ මේ දක්වා කාලයේදීත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයා ඇති බැවින් එම ලාභය විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඇති නොකැමැත්ත නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම පමා කරමින් සිටින්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එම ගාස්තු සංශෝධන යෝජනාව අවසන් අදියරේ පවතින බවත්, දැනට පවතින මට්ටමේ ම ගාස්තු තබා ගැනීමට හෝ සුළු මුදලකින් වැඩි කිරීමට හෝ ඒ යෝජනාවෙන් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇති බවත්ය.
පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය
මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් මෝල් හිමිය
ජනතාව විශාල වශයෙන් තරු හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අ
රටේ ආරක්ෂාවට විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි ම
ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල යනාදී ලේඛනවල ඡායාරූප සහ විස්තර ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි