IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වාහන බලපත්‍ර වලට මන්ත්‍රීවරු බෙදෙති ආණ්ඩුවේත් සජබෙත් ගැටුම්

සුජිත් හේවාජුලිගේ සහ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්


මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හටගෙන තිබීම නිසා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී, අනෙක් පාර්ශ්වය එය ලබා නොගත යුතු බව පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්ත්වය මතුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුලක් වර්ධනය වීමට හේතු සාධක වනු ඇති බවයි. එය ආණ්ඩුවේ ඡන්ද පදනමටද බරපතළ තර්ජනයක් වනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
කෙසේ වෙතත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු පිරිසක් පවසන්නේ, අවුරුදු ගණනකින් වාහන බලපත්‍රයක් ලබාගෙන නැති හෙයින් එය මේ මොහොතේදී ලබාගැනීම සුදුසු බවයි.
තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉදිරි මැතිවරණවලට කලින් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා ලිපියක් භාර දුන්හ. ඉන් අනතුරුව එම ලිපිය කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.
මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩිය. වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත. මේ අතර මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉකුත්දා අනුමත කෙරිණි.
මේ අතර වාහන බලපත්‍රය ලබා ගැනීමේ සටනට එක්වන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සෙසු මන්ත්‍රීවරුන්ටද   බලපෑම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළ මත ගැටුම් උග්‍ර අතට හැරවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
සමගි ජන බලවේගයේ පසු පෙළ මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය අත්‍යවශ්‍ය යැයි ප්‍රබල හඬක් මතු කරන ඔවුන් කියා සිටින්නේ ඉදිරි මැතිවරණ සඳහා අවශ්‍ය වියදම්  සොයා ගැනීමට මෙම බලපත්‍රය අත්‍යවශ්‍ය බවය.
තීරු බදු රහිත බලපත්‍රය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ කණ්ඩායම කියා සිටින්නේ එම බලපත්‍රය ලබාගෙන මැතිවරණයට ඉදිරිපත් වුවද පළක් නොවන බවය. එමගින් සිදුවන්නේ ජනතාව අතර පිරිහීමක් ඇතිවීම පමණක් බවය. තිරු බදු රහිත වාහන බලපත්‍රය ප්‍රතිකේෂ්ප කිරීමේ ස්ථාවරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් තදබල ලෙස සිටිය ද මේ වනවිට විපක්ෂ නායකවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව වාර්තාවේ. ඒ පසු පෙළ මහන්ත්‍රීවරුන්ගේ බලපෑම නිසා බව ද කියැවේ.

 



අදහස් (0)

වාහන බලපත්‍ර වලට මන්ත්‍රීවරු බෙදෙති ආණ්ඩුවේත් සජබෙත් ගැටුම්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 197 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 130 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 364 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 97 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 361 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


2024 ජනාධිපතිවරණය ලක්ෂ 40ක් වැට උඩ බුද්ධි අංශ හෙළිදරව්වක්
2024 අගෝස්තු මස 02 268 0

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site