IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


වැස්සෙන් කුඹුරු අක්කර දෙලක්ෂයක් විනාශයි මහ කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනහමාරකින් අඩු වෙන ලකුණු

  • මහ කන්නයේ අස්වනු නෙළීමත් ප්‍රමාද වෙන හැඩ

උපුල් වික්‍රමසිංහ
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක කුඹුරු අක්කර ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. ඒවා පූර්ණ වශයෙන් විනාශ වී තිබුණහොත් සහ නැවත ගොවීන් වී වගා කිරීමට යොමු නොවුණහොත් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ හැට දහසකින් පමණ අඩු වීමට ඉඩ ඇතැයි කෘෂි විශේෂඥයෝ පවසති. 

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ මේ වෙනවිට කුඹුරු අක්කර ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බවත් නැවත ඒවායෙහි වී වගා කිරීමට සැලකිය යුතු කාලයක් ගත වෙනු ඇති බවත් ඒ හේතුවෙන් මහ කන්නයේ අස්වනු නෙළීම ප්‍රමාද විය හැකි බවත්ය. ජලයෙන් යට වූ කුඹුරුවල හානිය තක්සේරු කළ හැක්කේ ඒවායෙන් ජලය බැස යාමෙන් පසුව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ වර්ෂාවෙන් විනාශ වූ කුඹුරු පිහිටි ප්‍රදේශ වී අස්වැන්න වැඩි වශයෙන් ලැබෙන ප්‍රදේශ බවය. ගංවතුර බැස ගිය පසු ගොවීන් නැවත වී වගා කිරීමට යොමු වුව ද ප්‍රමාණවත් බිත්තර වී නොතිබීම ගැටලුවක් විය හැකි බව සඳහන් කළ ඔහු අදාළ කුඹුරු අක්කර ලක්ෂ දෙකක ප්‍රමාණය සම්පූර්ණයෙන් විනාශ වී තිබුණහොත් නැවත ඒවායෙහි වී වගා කිරීමට බිත්තර වී බුසල් ලක්ෂ 4 ක ප්‍රමාණයක් අවශ්‍ය යැයි ද එය සොයා ගැනීම අභියෝගයක් යැයි ද කීවේය. 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව කොපමණ බිත්තර වී ප්‍රමාණයක් තිබේද යන්න දැන ගැනීමට අප එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවක දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
විනාශ වූ කුඹුරු සකස් කර දෙසැම්බර් මස මැද හෝ අග හෝ නැවත වී වගාව ආරම්භ කළ හොත් ඒවායෙහි අස්වනු නෙළීමට සිදු වෙන්නේ ලබන වසරේ මාර්තු අග හෝ අප්‍රේල් මුල බව ද එවිට සංවහන වැසි පටන් ගෙන තිබීම නිසා අස්වනු නෙළීමට නැවත බාධා පැමිණිය හැකි බව ද කී වඩාත් සුදුසු වෙන්නේ මාස තුනේ බිත්තර වී වැපිරීම බව ද පැවසීය.
“මාස තුන හමාරේ බිත්තර වීවලින් දෙසැම්බර් මැද වී වැපුරුවොත්  අස්වනු නෙළන්න පුළුවන් වෙන්නෙ මාර්තු අග හෝ අප්‍රේල් මුල. ඒ කාලෙ වෙන කොට සංවහන වැසි පටන් අරන්. ඒ නිසා අස්වැන්න නෙළන කාලයේදී දැඩි වර්ෂාපතනයක අවදානමට බඳුන්වීමට ඇති ඉඩ වැඩියි. 
නැවත වී වගා කිරීම දෙසැම්බර් මැද සිට අග දක්වා ප්‍රමාද වෙන්නේ නම් සුදුසු වෙන්නේ මාස තුනේ බිත්තර වී වැපිරීම” මහාචාර්යවරයා පැහැදිලි කළේය.
කාලගුණික දත්ත මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් තිබුණේ නම් මෙවැනි ආපදාවලදී ආණ්ඩුවකට ඉහළ වැයක් දැරීමට සිදු නොවෙන බව ද හෙතෙම සිහිපත් කළේය.මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගියදාක පවසා තිබුණේ වර්ෂාවෙන් හානි වූ වගා බිම්වලට ලබාදෙන සහන දීර්ඝ කරන බවය.



අදහස් (0)

වැස්සෙන් කුඹුරු අක්කර දෙලක්ෂයක් විනාශයි මහ කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනහමාරකින් අඩු වෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

ජයාරූප

මං බොරු කිව්වේ නෑ ඉල්ලා අස්වෙමින් කථානායක කියයි ඉදිරියේදී අධ්‍යාපන සුදුසුකම් හෙළිකරනවා
2024 දෙසැම්බර් මස 16 364 0

තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නැතත් සිය සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමන් සත


ඩොලර් කෝටි 1500 ක් හොයන්න ඉක්මනින් ඩිජිටල් වෙන්න
2024 දෙසැම්බර් මස 08 276 0

ඉදිරි අවුරුදු පහක කාලයේදී ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් බිලියන 15 ක (කෝටි 1,500) ආදායමක් ඉපැයීමට නම් රජයේ ආයතන ඩිජිටල්කරණය වේගවත් කිරීම, කර්මාන්ත හා සේවා අංශවලට


වැස්සෙන් කුඹුරු අක්කර දෙලක්ෂයක් විනාශයි මහ කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනහමාරකින් අඩු වෙන ලකුණු
2024 දෙසැම්බර් මස 02 94 0

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක කුඹුරු අක්කර ලක්ෂ දෙකකට ව


මන්ත්‍රි වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 24 255 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ ඇතැම් වරප්‍රසාද අඩු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන


පාර්ලිමේන්තුව පිරිසිදුයි මාලිමාව ඉතිහාසයේ දැවන්තම ජය ලබයි
2024 නොවැම්බර් මස 18 195 0

පසුගිය බ්‍රස්පතින්දා (14දා) පැවති මහ මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය


කෘත්‍රිම සහල් හිඟයක් ඇති කිරීමෙන් සහල් මිල ඉහළට
2024 නොවැම්බර් මස 11 171 0

මෝල්හිමියන් කිහිප දෙනෙකු විසින් රට තුළ කෘත්‍රිමව සහල් හිඟයක් ඇති කිරීම නිසා මේ වන විට සමහර ප්‍රදේශවල සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් මෝල් හිමිය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 29 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site