IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා

උපුල් වික්‍රමසිංහ
2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. එයින් වැඩිම බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බව කී ඔහු නොගෙවා ඇති එම බදුවල මුළු වටිනාකම රුපියල් කෝටි එක් ලක්ෂ හය දහස් හයසියයක් (බිලියන 1066) ක් බව ද කීවේය.

දේ‌ශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇති බදු ආදායම්වලින් රුපියල් කෝටි 18,800 ක් හිඟ බදු ලෙසත් රුපියල් බිලියන 87,880ක් රඳවා තබා ගත් බදු ලෙසත් පවතින බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකා රේගුවට නොගෙවා ඇති බදුවල සමස්ත වටිනාකම රුපියල් කෝටි පන්දහස් අට සියය හැටක් (රුපියල් බිලියන 58.6) බව ද රුපියල් කෝටි 690 (රුපියල් බිලියන 6.9) ක් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ද අතුකෝරළ මහතා සඳහන් කළේය.
2023 වෙනවිට පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය 997,858 ක් බව කී හෙතෙම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ලිපි ගොනු මිලියන 1.2 ක් විවෘත කිරීමට සැලසුම් කර තිබුණත් 2023 අවසන් වෙද්දි අවසන් කර ගැනීමේ හැකියාව ලැබී තිබුණේ 368,455 ක් පමණක් බව ද පැවසීය.
2023 දෙසැම්බර් 30 වෙන විට බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස 4,479 ක් බවත්, එයින් රුපියල් බිලියනයකට වඩා වැඩි බදු නොගෙවා ඇති පිරිස 90 ක් බවත් කී ඒ මහතා, රුපියල් මිලියන 500-1000  අතර බදු නොගෙවූ පිරිස 88 ක් බව ද, රුපියල් මිලියන 500 -300  අතර බදු ගෙවා නැති පිරිස 104 ක් බව ද, රුපියල් මිලියන 300-100 අතර බදු නොගෙවූ පිරිස457 ක් බව ද, රුපියල් මිලියන 100 -50  අතර බදු නොගෙවූ පිරිස 632 ක් බව ද, රැපියල් මිලියන 50 -10 අතර බදු ගෙවීම පැහැර හැරි පිරිස 3108 ක් බවද සඳහන් කළේය.

 



අදහස් (0)

හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා

ඔබේ අදහස් එවන්න

ජයාරූප

රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 179 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 232 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


හාර දහස් පන්සීයක් බිලියන 1130 ක බදු පැහැර ඇරලා
2024 අගෝස්තු මස 24 141 0

2023 දෙසැම්බර් 30 වෙනවිට ගෙවීම පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ දහ තුන් දහස් එකසිය පනහක් (රුපියල් බිලියන 1131.5) බව පේරාදෙණිය විශ්වවිද්‍යා


මාලිමවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ධුරය අහෝසියි
2024 අගෝස්තු මස 16 383 0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බ


මැතිවරණ කොමිසම ටික් ටොක් ඉන්ස්ටග්‍රෑම් ගැන සෙවිල්ලෙන්
2024 අගෝස්තු මස 12 102 0

ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඊට අදාළ තාක්ෂණික දැනුම


පළමු ජනපතිවරණයේ මතක සටහන්
2024 අගෝස්තු මස 05 363 0

1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත් දිනයයි.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site